ඔන්න මං ඔයාලට තවත් ගේම් එකක් ගෙනාවා මේක ගොඩක් අය ගහලා ඇති. ගේම් එක ටිකක් පරණ එකක්. ඒ වුනත් නියමයි. හැබයි මේක ඇමාරුයි ඈ..... ගේම් එකේ සීන් එක මං ඔයාලට කියන්නම්. ගහලා නැති අය ලිපිය කියවලා බලලා හොදයි කියලා හිතෙනවා නම් Download කරගන්න. මේකයි ස්ටෝරි එක,
ප්‍රින්ස් ඔෆ් පර්සියා - ද ෆොගොට්න් සෑන්ඩ්ස් (Prince of Persia - The Frogotten Sands) මෙය තම සොහොයුරා ගේ රාජධානිය බේරා ගන්නා කුමරෙකු පදනම් කොට ගෙන තැනූ පරිගණක ක්‍රීඩාවකි. මෙම පරිගණක ක්‍රීඩාවේදී ක්‍රීඩකයාට ක්‍රියාත්මක වීමට වන්නේ පර්සියානු කුමරා ලෙසිනි. තරුණ වියට එළඹෙන මෙම කුමාරයා තම පියාගෙන් පසුව එම රාජාධානියේ රජවීමට නියමිතය. කුමරාගේ වැඩිමහල් සොහොයුරාද තවත් රජ්‍යයක රජුය. පියරජු විසින් පර්සියානු කුමරාට කියන්නේ තම වැඩිමහල් සොහොයුරා වෙත ගොස් රාජ්‍ය පාලනය සහ නායකත්වය පිළිබද ඉගෙන ගන්නා ලෙසය.
ඒ අනුව තම වැඩිමහල් සොහොයුරා වෙත යන කුමරාට සොහොයුරාගේ රාජධානිය යක්ෂ ගෝත්‍රික හමුදාවක් විසින් ආක්‍රමණය කරමින් තිබෙන අයුරු දකින්නට ලැබේ. ඉන් පසු ඔහු තම සොහොයුරා හමුවි මේ පිළිබද විමසා සිටී. යක්ෂ ගෝත්‍රිකයන්ගේ කෞතුක වස්තු තම රාජධානිය තුළ තැන්පත්ව තිබෙන බව සිතමින් ඔවුන් ඒවා ලබා ගැනිමට රාජධානිය ආක්‍රමණය කරමින් විනාශ කරන බවත්, ඔවුන්ට විරුද්ධව සටන් කිරීමෙන් ප්‍රතිථලයක් නැති බවත් වැඩිමහල් කුමරා තම සොහොයුරාට කියයි. පසුබසිමින් පලා යාම හොදම දේ බව ඔහුගේ අදහසයි. එහෙත් ඊට එකග නොවන කුමරා, සටන් කොට රාජධානිය බේරා ගත යුතුයැයි පවසයි. ඒ සදහා අවසරද ඉල්ලා සිටී. සොහොයුරා ඊට අවසර දෙයි.
ඒ අනුව මේ වන විට විසුරුවා ඇති හමුදාව නැවත කැදවන පර්සියානු කුමරා විසින් යක්ෂ ගෝත්‍රිකයින්ට විරුද්ධව යුද්ධය ප්‍රකාශයට පත්කරනු ලැබේ.
මෙම යුද්ධය අතරතුරදී අතුරුදහන් වන තම සොහොයුරා සොයා ගැනිමට සිදුවීම යුද්ධයේ නිරත පර්සියානු කුමරාට ලැබෙන තවත් වගකීමකි. පරිගණක ක්‍රීඩකයා විසින් මෙම පර්සියානු කුමරාව දක්ෂ රණශුරයෙකු ලෙස මෙහෙයවිය යුතුය. එහිදි ලැබෙන ලකුණු ගණන මත කුමරයාට විශේෂ බලයක් ලබා දීමට එම රාජධානියේ සිටින පූජකයෙකු ඉදිරිපත් වේ. එම බලය ලබාගත් පසු කුමරාගේ පහරදීම් වේගවත් වේ. එසේම කුමරාට අනතුරක් කිරිමට යක්ෂයින්ට නොහැකි වේ. එනිසා අඩු ජීවිත හානියකින් රාජධානිය බේරා ගැනිමට කුමරාට හැකි වේ.
මෙම ක්‍රීඩාවේදී පරිගණක ක්‍රීඩකයා රාජධානියේ පිහිටීම් පිළිබදව මනා අවබෝධයකින් සිටිය යුතුය. මේ සදහා අවශ්‍ය සිතියම් යොදා ගනිමින් සටන මෙහෙයවීම ක්‍රීඩකයාගේ වගකීමයි. යුද්ධය සදහා හමුදා සංවිධානයේදීත් යක්ෂයින් ගේ හමුදාව ගැන අවබෝධයකින් යුතුව ඔවුන්ට මුහුණ දිය හැකි ආකාරයෙන් ඒවා කළ යුතුය. මේ ආකාරයට ඒ ඒ අවස්ථාවන්ට ගැළපෙන ආකාරයට යුධ උපක්‍රම භාවිතා කරමින් යක්ෂයින් සමග සටන් කොට රජධානිය බේරා ගැනීම සදහා කුමරා හා ඔහුගේ භට හමුදාව මෙහෙයවීමට පරිගණක ක්‍රීඩකයා සමත් විය යුතුය.
ටොරෙන්ට් එකක් තියෙන්නෙ Download කරගන්න.
Prince Of Persia The Forgotten Sands.
File Size: 2.09GB
System Requirements !
Windows/xp/7/8
2.6 GHz Intel
Video Card: 256 MB
Hard Drive Space: 8 GB
Ram 1 Gb For Xp,2 Gb For 7 or vista
Screenshots
0 comments:
Post a Comment