Friday, June 10, 2016

වෙබ් නිර්මාණකරණයේදී ඉතා වැදගත් වන Google Chorme Extension


 
මෙම ලිපිය වෙබ් නිර්මාණයේ යෙදි සිටින ඔබටයි.

 
  • පළමුව මා ඔබට ගූගල් කැරෝම් වෙබ් බ්‍රව්සරය ගැන පුංචි හැදින්විමක් කරන්නම්.

ගූගල් කැරෝම් වෙබ් බ්‍රව්සරය උපත ලබන්නේ 2008 වසරේ දීය. මේ වන විට ගූගල් කැරෝම් අන්තර්ජාලය භාවිතා කරන්නන් ගෙන් හරි අඩක්ම භාවිතා කරනු ලබන්නේ ගූගල් කැරෝම් බ්‍රව්සරයයි. කොටින්ම කිව්වොත් මාත් පාවිච්චී කරන්නෙ මේක තමයි. මොකද කිව්වොත් මේක ගොඩක් පහසුයි, ලේසීයි, ඒවගේම හොද ස්පීඩ් එකක් තියනවා. ලෝකයේ අන්තර්ජාලය භාවිතා කරන්නන් වැඩි පිරිසක් මෙය භාවිතා කරන්නේ මෙයින් අන්තර්ජාලයේ සැරිසැරිමට තිබෙන පහසුව නිසාය.

දැන් බලමු මේකේ Extension ගැන ටිකක්,

1.Firebug Lite


Firebug යනු බොහෝ වෙබ් නිර්මාණ කරුවන් යොදා ගන්නා විශාල Firefox Extension එකකි. මෙමගින් Web පි‍ටුවක ඇති විවිධ අංග අධ්‍යනය කිරීමටත් CSS, HTML සහ Java Script ආදිය Edit කිරිමටත් ඔබට හැකියාව ලැබේ.


2.Pendule


මෙම Extension එක වැඩකෑලි කිහිපයකින් සමන්විතවි තිබෙන තනි පද්ධතියකි. මෙහි Colour Picker, Ruler ආදී වැඩකෑලිත්, වෙබ් පි‍ටුවේ මුලාශ්‍රය දැක ගැනීමේ පහසුකමත් CSS අක්‍රිය කිරිමේ හැකියාවත්, Image සැගවීමටත්, Alt tags ආදිය දැක ගැනිමටත් ආදි වශයෙන් ඔබට බොහො පහසුකම් සපයයි.


3.META SEO Inspector


මෙය සාමාන්‍ය HTML Meta Tags නොවේ ඒවා XFN Tags ගණයට අයත් වේ. මෙම Extension එක මූලික වශයෙන්ම Search Engines සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන වෙබ් නිර්මාණකරුවන් වෙනුවෙන් නිර්මාණය කර ඇත. ඔබට වෙබ් පි‍ටුවල ඇති description tags, content tags ආදිය සාමාන්‍ය වෙබ් බ්‍රව්සරයක දැකගත නොහැක. META SEO Inspector මගින් මේවා දැකගැනිමේ හැකියාව ලැබේ.


4.Aviary Screen Capture


මෙම Extension එක ඕනෑම පුද්ගලයෙකු සදහා භාවිතයට සුදුසු එකකි. එහෙත් මෙය වෙබ් නිර්මාණකරනයේ යෙදි සිටින ඔබට ඉතා වටිනා Extension එකකි. මන්ද මෙමගින් ඔබේ වෙබ් පි‍ටුවල screen shots ලබා ගැනිමටත්, බ්‍රව්සරය තුළම සිට ඔබට edit කිරිමටත්, විවිධ හැඩතල ඇදිමටත් හා විවිධ සටහන් එක් කිරිමටත් මෙමගින් ඔබට හැකියාව ලැබේ.


5.Resolution Test


මෙම Extension එක මගින් වෙබ් නිර්මාණ කරුවන්ට බ්‍රව්සර් වින්ඩෝවේ ප්‍රමාණය වෙනස් කරමින් විවිධ වූ screen resolution තත්වයන් යටතේ තමන් නිර්මාණය කරන ලද වෙබ් පි‍ටුව පරික්ශාකිරීමේ හැකියාව ඔබට ලැබේ.


6.ChromeSEO


මෙම Chrome SEO Extension එක වෙබ් නිර්මාණකරුවන් භාවිතා කළ යුතුම Extension එකකි. මෙහි අඩංගු SEO කට්ටලය මගින් සියළුම SEO Task ඉ‍ටු කරගත හැක. keywords, social book marks, counts, traffic, ratings සහ back links ආදිය මෙමගින් ඔබට භාවිතා කළ හැක.


7.IE Tab


මෙම Tab එක භාවිත කිරිමෙන් Google Chrome  බ්‍රව්සරය තුළ Internet Explorer Engine එක ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබේ. එම නිසා වෙබ් නිර්මාණකරුවන්ට Internet Explorer වෙත නොගොස්ම Google Chrome හි සිටම තම වෙබ් පි‍ටු බැලිමේ හැකියාව ඇත.


8.Picnic Extension for chrome


Picnic යනු නොමිලේ සපයනු ලබන බ්‍රව්සර් පදනම් කොට ගත් Image Editing Tool එකකි. මෙය බොහෝ වෙබ් නිර්මාණකරුවන් විසින් භාවිතා කරන Extension එකකි. මෙම Extension එක මගින් ඔබට Picnic හි ඇති පහසුකම් සපයනු ලබයි.


9.Validity


Validity යනු ඉතා වේගයෙන් සහ පහසුම වෙබ් පි‍ටු තහවුරු කරගැනිමේ මාර්ගයයි. බ්‍රව්සරයේ Validity icon එක Click කිරිමෙන් හෝ Ctrl + Alt+V බට්න් එකවර එබිමෙන් මෙම Extension එක ක්‍රියාත්මක කළ හැක.


10.Ultimate Chrome Flag


මෙමගින් Address Bar එකේ කොඩියක Icon එකක් පිළිබිඹු කරයි. එමෙන්ම Website එක ඇති ස්ථානයද පිළිබිඹු කරයි. එම කොඩිය මත Click කිරිමෙන් වෙබ් අඩවියේ sever අයිතිකරුවන් සහ traffic ආදිය අධ්‍යනය කළ හැක.









 

0 comments:

Post a Comment