Sunday, June 12, 2016

Gmail ගිණුමක් සාදා ගන්නා ආකාරය


හරි මුලින්ම ඔයා යන්න Gmail වලට> දැන් එතන ඔයාට පෙනෙයි Create an Account කියලා එකක් තියනවා> ඒක ක්ලික් කරන්න> දැන් ඔයාට පෙනෙයි ගිණුම සාදා ගැනීම සදහා තිබෙන අයදුම් පත්‍රය. හරි දැන් අපි ඒක සම්පුර්ණ කරමු.


First Name (මුලට යෙදෙන නම) < මෙතෙනට ඔයාගේ මුල් නම ලබා දෙන්න.

Last Name (අගට යෙදෙන නම) < මෙතෙනට ඔයාගේ අග නම ලබා දෙන්න.

ඉහත මා ඔබට සදහන් කර ඔප්ෂන්ස් දෙක සදහා අපගේ සත්‍ය විස්තර හෝ ව්‍යජ විස්තර ඉදිරිපත් කළ හැකිය.

Desired Login Name (ගිණුමට පිවිසීම සදහා අප කැමති නම)

Check availability (අප සදහන් කළ නම ලබා ගත හැකි දැයි පරීක්ෂා කරන්න)

ඉහත ඔබ ලබා දුන් නම කිසිවෙකු හෝ භාවිතා කරයි නම් ඔබ වෙනත් නමක් ලබා ගත යුතුය.

Choose a Password (අවසර පදයක් ‍තෝරන්න) < මෙහිදි ඔබ ප්‍රවේශම් විය යුතුයි. අපගේ සත්‍ය විස්තර වලට අදාළව සෘජු තොරතුරු ඇතුළත් කිරීම ආරක්ෂිත නොවේ. සිම්පල් සහ කැපිටල් අකුරු (Lower Case, Upper Case) සහිත සහ ඉලක්කම් මිශ්‍ර කර සංකීර්ණ අවසර පදයක් නිර්මාණය කළ හැකිය. නිදසුනක් වශයෙන් S සහ s යනු තනි අදහසක් නොවේ. තේරුම් දෙකකි.

Re-enter password (අවසර පදය නැවත සදහන් කරන්න)

Stay signed in (මගේ ගිණුමට සම්බන්ධ කර තබන්න යන අදහස දෙයි. එසේ කළ යුතු නැත්නම් ඒ කො‍ටුව හිස් කරන්න)

Enable Web History (වෙබ් ඉතිහාසය ලබා ගැනීමට ඉඩකඩ දෙයි)

Security question (ආරක්ෂිත ප්‍රශ්නය) < ඔබගේ අවසර පදය අමතක වු අවස්ථාවල දී අපගේ අනන්‍යතාව සෙවීමට මෙය ලබා දෙයි. මේ සදහා ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කර තිබේ. ඉන් එක් ප්‍රශ්නයක් ඔබ ‍තෝරා ගත යුතුය.

Answer - ඉහත ලැයිස්තුවෙන් ‍තෝරා ගත් ප්‍රශ්නය පසු අවස්ථාවක ඔබෙන් විමසූ විට අප සපයන පිළිතුර මෙහි සදහන් කළ යුතුය. ගිණුමේ නම හෝ අවසර පදය අමතක වීම නිසා ගිණුම විවෘත කළ නොහැකි අවස්ථාවලදී ඉහත ප්‍රශ්නය හා පිළිතුර ඉදිරිපත් කිරීම මගින් අපගේ අනන්‍යතාව තහවුරු කොට නැවත අවසර පදය සහ නම වෙනස් කොට ගන්නට මෙහිදී ඉඩ දෙයි.

Secondary email (ද්විතීය ඉ-මේල් ලිපිනය, මෙය පිරවීම අත්‍යවශ්‍ය නොවේ)

Location (අප පදිංචි ස්ථානය - රට)

Word Verification (වචනයක් ඉදිරිපත් කර තිබේ. එය ඔබ නිවැරදිව සදහන් කළ යුතුය)

Terms of service (සේවා කොන්දේසි. ඉ-මේල් ලිපිනයක් ලබා දීම සදහා ඔබ ඒවාට එකග විය යුතුය)

I accept (මම එකග වෙමි) < මේ සියල්ලට ඔබ එකග නම් මේ බොත්තම ක්ලික් කළ යුතුය. සියල්ල නිවැරදිව සටහන් කළේ නම් දැන් ඔයාට ඉ-මේල් ගිණුම ලැබේ.

0 comments:

Post a Comment