ඔබ යම් කිසි දෙයක් Download කරන විට එහි වේගය ඔබට අඩුබව හැගෙනවාද ? සමහර විට එයට හේතුව ඔබ භාවිතා කරන පැකේජයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එසේත් නැතිනම් මෙයට බලපාන හේතුන් විවිධය. මෙම ලිපිය මගින් මා ඔබට Downloads වේගවත් කර ගැනිමේ ක්‍රම කිහිපයක් කියා දීම මෙහි අරමුණයි.
1. අනවශ්‍යය වැඩසටහන් නැවැත්වීම.
ඔබ දන්නවාද ? ඔබගේ පරිගණකයේ පසුබිමේ ක්‍රියාත්මක වන නොයෙක් වැඩසටහන් නිසා ඔබේ අන්තර්ජාල වේගය අඩු වන බව ? මෙම අනවශ්‍යය වැඩසටහන් ඔහේ එයලට ඔන ඔන විදියට ක්‍රියාත්මක වෙන නිසා ඔබගේ මුළු පරිගණකයේම වේගය අඩාල කර දමනවා. මේ වැඩේ මෙහෙම කරන්න බෑ නේ ! එක නිසා මෙක නවත්වන්න ඔනේ. එකට එක පුංචි විදියක් තමා Task Bar හි දකුණු පසින් ඇති පසුබිම් වැඩසටහන්. මෙවා වලින් ඔබට අනවශ්‍යය වැඩසටහන් එම ස්ථානයෙන් ඉවත් කර දමන්න. (මොකද එයලා රන් එකෙ ඉන්නෙ) ඒවා නවතා දැමිමෙන් මේ සදහා යම් කිසි සහනයක් ඔබට ලබා ගත හැක.
තවත් එක් ක්‍රමයක් තමා ඔබ Task Manager වෙත පිවිස එහි ඇති Processes Tab එකෙහි ඇති වැඩසටහන් ලයිස්තුවෙන් අනවශ්‍යය වැඩසටහන් තෝරා ගෙන End Process බොත්තම Click කර ඒවා ඉවත් කර දමන්න. ඒ විටත් ඔබට අන්තර්ජාලය සම්බන්ධයෙන් වේගය යම් මට්ටමකට වැඩි කර ගත හැක.
2.Firewall Settings චුට්ටක් විතර වෙනස් කිරිම.
සෑම අයකුගේ වගේම පරිගණක වල Firewall වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන ඔබගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ හා වෙනත් මෘදුකාංග වලත් ඔබේ මොඩමයේ හෝ රවුටරයේත් ක්‍රියාත්මක වේ. මේවායේ Settings වල යම් යම් වෙනස්කම් කිහිපයක් සිදුකර ඔබේ පරිගණකයට දැනට සපයා ඇති අධික ආරක්ශාව තරමක් ලිහිල් කිරිමෙන් ඔබට ලැබෙන පිටස්තර දත්ත අවහිර විමකින් තොරව ඔබට ලබාගත හැක. ඒ තුළින් ඔබ කරන්නා වූ Downloads හි වේගය වැඩිකර ගත හැක.
ආ.... දෙයක් අමතක වුනා
මොකක්ද මේ Firewall කියන්නෙ ?
Firewall යනු ඔබගේ පරිගණකයට අනවසරයෙන් ඇතුළුවීමට උත්සහා දරන පිටස්තර Hacker වරුන් අවහිර කිරීමේ කාර්ය හා බොහෝ අනිකුත් ක්‍රියාකාරකම් තරමක් දුරට මෙමගින් සීමාවන අතරම පිටතින් ඔබේ පරිගණකයට ලැබෙන බොහෝ දෑද තරමක් අවහිර කරනු ලබයි.
3.Spyware Remover වැඩසටහනක් භාවිතයට ගැනිම.
ඔබගේ පරිගණකය තුළ Spyware හා Malware වැඩසටහන් ඔබට නොදැනී ක්‍රියාකාරිත්වය නිසා ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවය මෙම නිසා මන්දගාමී විය හැක. ඔබ අන්තර්ජාලයේ සැරිසරන විටත්, Downloads කරන විටත් ඔබේ පරිගණකයට මෙසේ ඇතුළුවන Spyware හා Malware වැඩසටහන් නිසා ඔබේ පරිගණකයේ ඇති තොරතුරු සහ වෙනත් දත්ත ඔබට නොදැනි පිටිතට සපයයි. මේ හේතුව නිසාද ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවය බොහෝ දුරට මන්දගාමි වේ. මේ හේතුන් නිසා ඔබ Spyware Remover වැඩසටහනක් භාවිතා කිරීමෙන් පරිගණකයේ ඇති Spyware සහ Malware ආදිය ඉවත් කරගත හැක. තවද ඔබට, Google Chrome, Firefox වැනි වෙබ් බ්‍රව්සර් මගින් අන්තර්ජාලය භාවිතයට ගැනීමෙන් මෙම Spyware හා Malware වැඩසටහන් වලින් තරමක් දුරට ආරක්ෂා විය හැක.
0 comments:
Post a Comment