පරිගණක වෛරසයක් යනුවෙන් හදුන්වන්නේ එක්තරා ආකාරයක කේතමය පරිගණක වැඩසටහනකි. නමුත් එය ක්‍රියාත්මක වන්නේ පරිගණකයට හානි වන ආකාරයෙනි. පරිගණකයක සම්පූර්ණ ක්‍රියාකාරීත්වය අඩාල කොට අවුල් කර දැමීමට පරිගණක වෛරසයකට හැකියාව තිබේ.
පරිගණකයකින් වෛරස ඉවත් කරගත හැකි ආකාර රාශියක් තිබේ. ඉන් එක් වඩාත් පහසු ආකරයක් නම් උසස් තත්වයේ ඇන්ටි වෛරස් මෘදුකාංගයක් භාවිතා කිරීම මගින් වෛරස වලින් ආරක්ශා විය හැක. එහි අන්තර්ජාලය මගින් හා USB Pen Drivers වැනි දෑ වලින් පැමිණෙන වෛරස හදුනා ගැනීමේ හා ඉවත් කර දැමීමේ හැකියාවද තිබිය යුතුය. නමුත් ඇන්ටි වෛරස් මෘදුකාංගයක් භාවිතා කර පමණින් එයින් ඔබගේ පරිගණකයට උපරීම ආරක්ශාවක් ලැබෙන්නේ නෑ. එය දිනපතා, නැතහොත් සතිපතා Update කළ යුතුය. එවිට අලුතෙන් පැමිණ තිබෙන වෛරස හදුනා ගැනීමේ හැකියාව ඔබගේ ඇන්ටි වෛරස් මෘදුකාංගයට ලැබේ. මේ ක්‍රමය අනුගමනය කිරීමෙන් ඔබට උපරිම ආරක්ශාවක් ලබාගත හැක. මැල්වෙයා (Malware) යනුවෙන් ද හදුන්වන්නේ හානිකර පරිගණක වැඩසටහන් විශේෂයකි. මේවායින් සිදුවන්නේ පරිගණකයෙන් ඔබ සිදුකරන දේවල් මොනාවාදැයි වෛරසය නිපදවූ තැනැත්තාට යැවීමයි. මීට අමතරව ඔබගේ පරිගණකයේ ඇති වැදගත් දත්ත විනාශ කිරීම, වෙනත් අයෙකුට අවශ්‍ය ආකාරයට ඔබගේ පරිගණකය මෙහෙයවීමේ අවස්ථාව මෙයින් සලසා දෙයි. මැල්වෙයා වැනි වෛරස් වැඩසටහනක් ඔබගේ පරිගණකයේ ඇතැයි කියා ඔබ දැනගත් පසුව ඒ ගැන අනවශ්‍ය සැකයක්, බියක් ඇතිකර ගත යුතු නැත. මේ හේතුව නිසා පරිගණකයේ හාඩ්ඩිස්කයේ තිබෙන දේවල් මුළුමනින්ම ඉවත් කරගත යුතු වන්නේ ද නැත. මේ නිසා පරිගණකයේ හාඩ්ඩිස්කය ඔබ ෆෝමැට් කරගත යුතු වන්නේ ද නැත. බොහෝ අවස්ථා වලදි හාඩ්ඩිස්කය ෆෝමැට් කිරීමෙන් තොරව මැල්වෙයා ඉවත් කරගත හැකිය. ඇතැම් විට මෙම අවස්ථාවේදී පරිගණකයේ ඇති ෆයිල්ස් කිහිපයක් ඉවත් කර ගැනීමට සිදුවේ. නමුත් සම්පූර්ණ හාඩ්ඩිස්කයම පිරිසිදු කර ගැනීමට අවශ්‍ය වන්නේ නැත.
මේ සියල්ලට ප්‍රථම ඔබ දැනගත යුතු වන්නේ ඔබගේ පරිගණකයේ වෛරසයක් තිබෙනවා ද යන්නයි. බොහෝ දෙනෙකු සිතන්නේ පරිගණකයේ වේගය අඩු වු විට වෛරසයක් තම පරිගණකයේ ඇතැයි කියාය. පරිගණකයක වේගය අඩු වීමට හේතු ගණනාවක් තිබේ. සිසිලන පංකා හෙවත් කූලිං ෆැන් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ද මෙයට එක් හේතුවකි. ඔබ අන්තර්ජාලය සමග සම්බන්ධ වී සිටින විට ඔබගේ විධානයකින් තොරව ඔබට අනවශ්‍ය වෙබ් පිටුවකට ඔබව යොමු කරන්නේ නම් මැල්වෙයා ගණයේ වෛරස් වැඩසටහනක් ඔබගේ පරිගණකයේ ඇතැයි සැක කිරිමට ඇති හොදම උදාහරණයකි. පරිගණකයේ තිබෙන ෆයිල්ස්, ෆෝල්ඩර් ආදිය අවුල් සහගතව තිබෙනවා නම් එයද පරිගණකයේ මැල්වෙයා වැනි හානි කර වෛරස් වැඩසටහනක් ඇති බවට සැක කළ හැහි තවත් එක් කරුණකි. මෙවැනි අවස්ථාවක ඔබට ප්‍රතිවෛරස් මෘදුකාංගයක් භාවිතා කිරීමට සිදුවෙයි. එය එකකට හෝ පෙන් ඩ්‍රයිව් එකකට එය පිටපත් කොට ඔබගේ පරිගණකයේ ඉන්ස්ටෝල් කරගත යුතුය. ඔබ එම ඇන්ටි වෛරස් මෘදුකාංගය අන්තර්ජාලය මගින් ඩවුන්ලෝඩ් කරගන්නේ නම් එය සිදුකළ යුත්තේ වෛරස් ආසාදනයට ලක් නොවූ වෙනත් පරිගණකයකින් ය.
ඇතැම් ඇන්ටි වෛරස් මෘදුකාංග මගින් බූට් ඩිස්කයක් සකස් කරගැනීමේ අවස්ථාවක් ඔබට සලසා දෙනු ලබයි. මෙවන් ඩිස්කයක් සකස් කරගත් පසුව පරිගණකය එමගින් බූට් කරගත හැකිය. මෙයින් සිදුවන්නේ මෙහෙයුම් පද්ධතියට අයත් අත්‍යවශ්‍ය විධාන කිහිපයක් උපකාරයෙන් පරිගණකය ක්‍රියත්මක කර ඇන්ටි වෛරස් මෘදුකාංගය මගින් පරිගණකයේ වෛරස් ස්කෑන් කර බැලීමයි. මෙම අවස්ථාවේදී මැල්වෙයා වැඩසටහන් වල ක්‍රියාකාරීත්වය ඔබට නතර කරගැනීමට හැකිවෙයි.
මෙම අවස්ථාවේදී ද මැල්වෙයා වැඩසටහන ඉවත් නොවී නැවත නැවතත් අවවාදාත්මක පණිවිඩ දර්ශනය වන්නේ නම් පරිගණකය සේෆ් මෝඩ් (Safe Mode) එකෙන් ක්‍රියාත්මක කර බලන්න. බොහෝමයක් පරිගණක වෛරස් වලින් එම හානිකර ෆයිල්ස් වින්ඩෝස් රෙජිස්ට්‍රියට එක් කිරීම සිදුකරයි. පරිගණකයේ ස්ථාපිත කර තිබෙන වැඩසටහන් පිළිබද වැදගත් තොරතුරු ඇති ස්ථානය හදුන්වන්නේ රෙජිස්ට්‍රිය යනුවෙනි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ලෝඩ් වනවිට වෛරසය සක්‍රිය කරීම සිදුවන්නේ ද මෙමගිනි. සේෆ් මෝඩ් (Safe Mode) එකින් පරිගණකය ක්‍රියාත්මක කළ විට එක් එක් අවස්ථා වලදි මෙමරී එකට ලෝඩ් වන වැඩසටහන් මොනවාදැයි ඔබට දැකගත හැකි අතර ඒවා පාලනය කිරීමට ඔබට හැකිවේ. පසුව ඇන්ටි වෛරස් මෘදුකාංගය සේෆ් මෝඩ් (Safe Mode) එක යටතේ ධවනය කර බලන්න.
මීට පෙර ඔබට දර්ශනය වූ අවවාදාත්මක පණිවිඩ වල සදහන් වූ මැල්වෙයා එකෙහි නම ඔබට මතක නම් එම ෆයිල් එක ඇති ස්ථානය සොයා එය ඩිලීඩ් කර දමන්න. පසුව පරිගණකය රිබූට් කරගන්න. විවිධ වෙබ් අඩවි, ෆේස්බුක් සමාජ ජාලය වැනි වෙබ් අඩවි ඔස්සේ ඔබ සිදුකරන චැට් මගින් නොයෙකුත් පුද්ගලයින් හෝ ඔබගේම මිතුරන් එවන ලින්ක් වලට ඔබ පිවිසිමෙන්ද මැල්වෙයා වැඩසටහන් පරිගණකයට ඇතුළු වීමේ ඉඩකඩ වැඩිය. මේ නිසා ඔබට එවන මේ ලින්ක් වලට පිවිසීමට පෙර ඒ පිළිබද හොදින් සොයා බලන්න. ඉහතින් සදහන් කළ දෑ ඔබ අනුගමනය කිරීමෙන් ඔබගේ පරිගණකයේ ඇති මැල්වෙයා වනි හානිකර පරිගණක වැඩසටහන් පරිගණකයෙන් ඉවත් කර ගැනීමට ඔබට හැකිවේ.
පරිගණකයක් වෛරස් වලින් ආරක්ෂා කර ගැනීමට නම් එහි ප්‍රතිවෛරස් මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කර තිබීම සුදුසු බවත් එය අප්ඩේට් කර ගැනීම ද වැදගත් වන බව මා ඔබට මීට පෙර පැහැදිලි කරා. ඇතැමුන් විශ්වාස කරන්නේ පරිගණකයක ප්‍රතිවෛරස් මෘදුකාංග කිහිපයක් තිබීම ද ඉතා සුදුසු බවයි. නමුත් සරලම පිළිතුර වන්නේ එය අසත්‍යයක් බවයි. පරිගණකයක ප්‍රතිවෛරස් මෘදුකාංග එකකට වඩා වැඩි ගණනක් ඉන්ස්ටෝල් කර ගැනීම සුදුසු නැත. එයට හේතුව වන්නේ මේවායින් පරිගණකයේ වේගය සැලකිය යුතු මට්ටමකින් පහත වැටෙන බැවිනි. එසේම එක් ප්‍රතිවෛරස් මෘදුකාංගයක් තිබෙන ෆයිල්ස් අනෙක් ප්‍රතිවෛරස් මෘදුකාංගයෙන් වෛරස ලෙස වරදවා තේරුම් ගන්නා අවස්ථා ද තිබේ. මෙවන් අවස්ථාවලදි පරිගණකයේ ක්‍රියාකාරීත්වය අවුල් වීම ද සිදුවේ. ඔබට අන්තර්ජාලය මගින් ඩවුන්ලෝඩ් කරගත හැකි උසස් තත්වයේ, වඩාත් ප්‍රචලිත ඇන්ටි වෛරස් මෘදුකාංග විශාල ප්‍රමාණයක් තිබේ. Kaspersky, Norton/Symantec, Avast, McAfee, AVG, Trend-Micro, Microsoft, Panda, ESET, Antivir, Bullguard, Sophos, Avil, Avira නම් ඒවාය.
මෙම මෘදුකාංග භාවිතයෙන් ඔබගේ පරිගණකයේ වේගය අඩුවීමක් ද සිදුවන්නේ නැත. සෑම ඇන්ටි වෛරස් මෘදුකාංගයකම මැල්වෙයා වැනි වෛරස පිළිබදව තොරතුරු සටහන් කර තබාගනී. තවත් සමහර ඇන්ටි වෛරස් මෘදුකාංග මැල්වෙයා එකක් හසුකරගත් පසුව එය ස්වයංක්‍රීයවම ඩිලීට් කර දමයි.
0 comments:
Post a Comment