ඔබේ හාඩ් ඩිස්කය තුළ ඇති ගොනු ඔබ මකා දැමීමට හෝ කට් කිරීමට යාමේදී ''Make Sure the disk is not full or Right Protected and the file is not currently in use'' ලෙස පණිවිඩයක් දිස්වේ.
මෙයට හේතුව කුමක්ද ?
හාඩ් ඩිස්කයක් තුළ ඇති ගොනු මැකීමට උත්සහා කිරීමේදි මෙම පණිවිඩය ලැබේ නම් ඔබ මැකීමට උත්සහා කරන අවස්ථාවේ දී එම ගොනු ක්‍රියාත්මක වෙමින් පවතිනවා විය හැක. නැතහොත් නොදැන ක්‍රියාත්මක වෙමින් පවතිනවා විය හැක. නැතහොත් නොදැන ක්‍රියත්මක වන වෙනත් වැඩසටහනක් විසින් ඒවා භාවිතා කරනවා විය හැක. එසේම පරිගණකයේ හාඩ් ඩිස්කයේ හිස් ඉඩ ප්‍රමාණය (free space) ඉතා අඩු වූ විටද ( සාමාන්‍යයෙන් හාඩ් ඩිස්ක් එකකින් අවම වශයෙන් 20% ක් වත් හිස්ව පැවතිය යුතුය.) මෙම පණිවිඩය ලැබිය හැකය.
එය ඉවත් කර ගැනීම සදහා පරිගණකය තුළ ඇති එතරම් වැදගත් නොවන හා මැකීමට හැකි වෙනත් ගොනු මකා දමා Recycle Bin එකෙන්ද Empty කරන්න.
සමහර අවස්ථාවලදී පරිගණකයේ රැම් එකෙහි පවතින දෝෂ නිසාද මෙම පණිවිඩය දිස්වේ. එසේම 'Memory Recidencial Virus' එකක් පරිගණකය තුළ ක්‍රියාත්මක වීම නිසාද මෙම දෝෂ පණිවිඩය මතුවිය හැක. කෙසේ වෙතත් මෙම දෝෂය දිගින් දිගටම පවතී නම් හාඩ් ඩිස්කය ෆෝමැට් කර නැවත මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කරන්න.
0 comments:
Post a Comment