Monday, June 6, 2016

ඩිජිටල් පොතක් නිර්මාණය කර ගමු


ඔබ සාමාන්‍ය පොතක් පෙරළන විට පි‍ටු හසුරවන්නක් මෙන් දැන් ඔබට ඔබ කැමති ආකාරයකට ඩිජිටල් පොතක් නිර්මාණය කර ගැනිමට හැකියාව තිබේ. මෙය හදුන්වන්නේ  ඉලෙක්ට්‍රොනික පොත් හෙවත් ඉ-බුක් (E-book) ලෙසය. මෙවැනි ඉ-බුක් නිර්මාණය කර ගැනිමට විශේෂ මෘදුකාංග යොදා ගත යුතුය. එවැනි මෘදුකාංගයක් තමා මාට්වීව් ඩිජිටල් රීඩිං (Martview Digital Reading) කියන්නෙ. මෙම මෘදුකාංගය ඔබට ලබා දෙන්නේ සම්පුර්ණයෙන්ම නොමිලේ.

  • කොහොමද මාට්වීව් ඉන්ස්ටෝල් කර ගන්නේ

පළමුව ඔබ මාට්වීව් වැඩසටහන ඩවුන්ලෝඩ් කරගත් ගොනුව තුළට පිවිසෙන්න. එහි martview_setup.exe නම් සෙටප් වැඩසටහනක් තිබේ, එය ඩබල් ක්ලික් කොට පරිගණකයට ඉන්ස්ටෝල් කර ගන්න. ආ...... දෙයක් අමතක වුනා. මෙම මාට්වීව් සෙටප් එක පරිගණකයට ඉන්ස්ටෝල් කර ගැනිමට තවත් අවශ්‍යතාවයක් සපුරා තිබිය යුතුයි. එනම් ඔබගේ පරිගණකයේ ජාවා රන් ටයිම් එන්වයමන්ට් (Java Runtime Environment) වැඩසටහනෙහි 1.6 සංස්කරණය හෝ ඊට පසුව ආ සංස්කරණයක් තිබිය යුතුය. එය ඔබගේ පරිගණකයේ නැත්නම් http://java.com/en/download/manual.jsp යන වෙබ් අඩවියට ගොස්, එහි සෙටප් වැඩසටහන ඩවුන්ලෝඩ් කර ගන්න.


මාට්වීව් මෘදුකාංගය ඉන්ස්ටෝල් කර ගැනිමෙන් පසුව ඒ වෙත පිවිසීම සදහා Start මෙනු එක තුළින් All Programs යන්න ‍තෝරන්න. ලැබෙන මෙනු එකෙන් MartView යන්න ක්ලික් කරන්න. එවිට විවෘත වන්නේ මාට්වීව් ඩයලොග් බොක්ස් එකයි. මෙහිදි ඔබ භාවිතා කරන භාෂාව ලෙස සිංහල ලබා දෙන්න < අහ් ! බය වුනාද? බය වෙන්න එපා සිංහල කොහෙද අනේ ඔවා වල. භාෂාව English ලෙස යන්න ‍තෝරන්න.



මුලින්ම මෙම මෘදුකාංගය වෙත පිවිසෙන ඔබට දැකගත හැකි වන්නේ ඒ ගැන කියවෙන යූසර් ගයිඩ් එකකි. මෙහි මෙනු එක ලබා ගැනිම සදහා ඔබගේ කර්සරය වින්ඩෝ එකෙහි ඉහළට ගෙන යන්න.



  • ඉ-බුක් එකක් සකස් කර ගන්නෙ කොහොමද ?

ඕනෑම  JPEG/PNG/GIF වැනි රූප අඩංගු ෆයිල් වර්ගයක් ඉ-බුක් එකක් ලෙස සකස් කර ගත හැක. එමෙන්ම සාමාන්‍ය PDF ෆයිල් එකක්ද මාර්ට්වීව් හරහා බැලිය හැකි ආකාරයට සැකසිය හැක. එවිට මා මුලින් කී ෆයිල්, .mart එක්ස්ටෙන්ෂන් එක සහිත ෆයිල් බවට පත්වෙයි. ඒ සදහා මුලින්ම MartView හි වින්ඩෝ එකෙහි ඉහළින් ඇති මෙනු එකෙන් Create E-Book යන්න මත ක්ලික් කරන්න.

එවිට විවෘත වන්නේ Create E-Book ඩයලොග් බොක්ස් එකයි. මේ කුමන Create බට්න් එකක් ක්ලික් කළද, ඒ සෑම විටම විවෘත වන්නේ Open නම් පොදු ඩයලොග් බොක්ස් එකයි. දැන් ඔබ එයින් .mart ෆයිල් එකක් සැකසිය යුතු ෆයිල් එකක් හෝ කීපයක් සිලෙක්ට් කර Open නම් බට්න් එක ක්ලික් කරන්න.

එවිට විවෘත වෙන Create E-Book බොක්ස් එක තුළ, E-Book Created Successfully ලෙස ඔබට පණිවිඩයක් දිස්වේ. දැන් එහි ඇති Open නම් බට්න් එක ක්ලික් කරන්න. එවිට සැකසී ඇති ඉ-බුක් එක විවෘත වෙයි. ඒ මාට්වීව් මෘදුකාංගය සමගම ඉන්ස්ටෝල් වෙන මාට්වීව් ප්ලේයරය හරහාය.

මාට්වීව් මෘදුකාංගය ඉන්ස්ටෝල් වෙන විටම My E-Books නම් ෆෝල්ඩරයක් ඔබගේ පරිගණකයේ සෑදේ. සෑදෙන ඉ-බුක් එක සේව් වන්නේ එ තුළය. මෙහි .mart එක්ස්ටෙන්ෂන් එක යටතේ ඇති ෆයිල් මත ඩබ්ල් ක්ලික් කළ විට ඒවා මාට්වීව් පේලේයරය හරහා විවෘත වෙයි.

  • ඉ-බුක් පෙරළා බැලිමේ ක්‍රම


ඔබ ඉ-බුක් එකක පි‍ටු පෙරළා බැලීම සදහා පොතෙහි දකුණු පසින් හෝ වම් පසින් මවුසයෙන් ක්ලික් කර අවශ්‍ය දිශාවට තල්ලු කළ යුතුය. එවිට සැබෑ පොතක් දිග හැරෙන ආකාරයට පි‍ටු පෙරළී යන ආකාරය ඔබට පෙනේ.

මෙම ක්‍රමයට අමතරව පොතෙහි පි‍ටු පෙරළීම සදහා නොයෙක් ඔප්ෂන්ස් ඔබට දී තිබේ. ඉන්ටෆේස් එකෙ ඉහළින් ඇති මෙනු එක තුළින් Horizontal Slide, Vertical Slide, Thumbnails හෝ Index යන බට්න් මත ක්ලික් කර ඒවා ඒ ඒ ආකරයට ඔබට බැලිය හැක.

මවුසයේ වම් පස හා දකුණු පස බට්න් දෙක එකවර තද කිරීමෙන් පි‍ටුව විශාල කර බැලිය හැක. පි‍ටුව කුඩා කිරිමට අවශ්‍ය නම් එම ක්‍රියාව නැවත කරන්න. නැතිනම් මවුසයේ දකුණු පස බොත්තම තද කරගෙන එහි රෝදය ඉදිරිපසට හෝ පසුපසට කැරකැවී මෙන්ද පි‍ටුවක් විශාල හෝ කුඩා කර බැලීමට පුළුවන.


http://download.cnet.com/MartView/3000-20412_4-75011501.html
MartView













0 comments:

Post a Comment