මේකට හේතුව මොකක්ද ?
ප්‍රින්ටරයට යොදා ඇති කාට්රිජ් එකක ඉන්ක් ලෙවල් එක ඉතා අඩු වූ විට එම කාට්රිජ් එක ක්‍රියා විරහිත කරවීමේ ක්‍රියාමාර්ගයක් සමහර ප්රින්ටරවල ඇත. මෙවැනි කාට්රිජ් එකක් රීෆිල් කර යෙදු විට ද කාට්රිජ් නොමැති බව පෙන්වන දෝෂ පණිවිඩයක් ලැබේ.
එසේ නොමැතිව අළුත් කාට්රිජ් එකක් යෙදු විටත් මෙම දෝෂ පණිවිඩය ඔබට ලැබේ නම් මීට සැක කළ හැකි දෝෂ දෙකක් තිබේ.
1. කාට්රිජ් එකේ සර්කිට් එක මත අලවා ඇති ඉවත් කළ යුතු බව දැක්වෙන ප්ලාස්ටික් කඩදාසි පටිය ඉවත් නොකරම එය ප්‍රින්ටරයට ඇතුළත් කිරීම හෝ කාට්රිජ් එක ප්‍රින්ටරයට ඇතුළු කළ යුතු නිවැරදි පිළිවෙළ අනුගමනය නොකිරීම.
2. ප්‍රින්ටරයේ හටගත් දෝෂයක් නිසා කාට්රිජ් එක ඩිටෙක්ට් නොකිරීම සිදුවේ. මෙම දෝෂය මග හරවා ගැනීමට ඔබ පණ්ඩිත වැඩ කරන්නෙ නැතුව කාර්මික ශිල්පියෙකුගේ සහය ලබා ගන්න.
0 comments:
Post a Comment