ප්‍රින්ටරයක් ක්‍රියාත්මක තත්වයේ තිබියදී මුද්‍රණය ආරම්භ වීම ප්‍රමාද වීමට බලපෑ හැකි හේතු ගණනාවක් තිබේ.
● පරිගණක වැඩසටහන් කීපයක් එකවර විවෘත කර වැඩ කරන විට පරිගණකයේ මතකය උපරිම වශයෙන් භාවිතා වන නිසා ප්‍රින්ට් වීම ප්‍රමාද වේ. ඒ අවස්ථාවේදී මුද්‍රණය අවසන් වන තෙක් හෝ අනවශ්‍ය වැඩසටහන් වලින් ඉවත් වී සිටිය යුතූය.
● ප්‍රින්ටරයේ සෙටිංස් (print settings/properties) නිවැරදිව සකස් කර නොතිබීම නිසාද මුද්‍රණය වීම ප්‍රමාද වේ.
● දෝෂ සහිත ප්රින්ටර්පෝට් (print port) තිබීම, දෝෂ සහිත රැම් කාඩ් තිබීම, දෝෂ සහිත ප්‍රින්ටර් කේබල් (print data cable) භාවිතා කිරීම වැනි දෘඩාංග දෝෂ (hardware fault) ඇති විට ප්‍රින්ටරයේ වේගය අඩුවේ.
● පරිගණකයේ දෘඩ තැටියේ හිස් ඉඩ (hard disk free space) අවම මට්ටමේවත් නොතිබීම නිසාද මුද්‍රණය ප්‍රමාද වේ. එවිට අනවශ්‍ය ෆයිල්ස් මකා දමා අමතර ඉඩ ලබා ගන්න.
● ප්‍රින්ටරයක් නිවැරදිව ක්‍රියාත්මක වීමට එය භාවිතා කරන පරිගණකයේ සපුරා තිබිය යුතු අවම අවශ්‍යතා (Minimum system requirements) තිබේ. මෙම අවම අවශ්‍යතාව සපුරා නැති පරිගණකයක් සමග භාවිතා කරන ප්‍රින්ටරයක වේගය අඩුවේ. සාමන්‍යයෙන් ප්‍රින්ටරය සමග ඔබට ලබා දෙන පොතෙහි එම ප්‍රින්ටරය හොදින් ක්‍රියාත්මක වීමට පරිගණකයේ තිබිය යුතු අවම අවශ්‍යතාවයන් දක්වා තිබෙයි. මෙම ප්‍රින්ටරය එම අදාළ අවශ්‍යතා සපුරා තිබේදැයි බලන්න.
● ධාරිතාවකින් වැඩි ගොනු (high capacity files) පින්තුර, pdf වැනි ගොනු මුද්‍රණය කරන විට ඒවායේ ධාරිතාවය සහ පරිගණකයේ හා ප්‍රින්ටරයේ භාවිතා වන මතක ධාරිතාව (memory capacity) අනුව මුද්‍රණය ආරම්භ වීම ප්‍රමාද විය හැක.
● ප්‍රින්ටරය පරිගණකයකට ඉන්ස්ටෝල් කිරීමට නිවැරදි ඩ්‍රයිවර් වැඩසටහන් (printer drivers) භාවිතා නොකළ විට ප්‍රින්ටරය මන්දාමී වේ. මෙම ඩ්‍රයිවර් වැඩසටහන් ප්‍රින්ටරය නිෂ්පාදක සමාගම විසින් ප්‍රින්ටරය මිලදී ගැනීමේදී ඔබට ලබා දෙයි. නැතහොත් එම ප්‍රින්ටරය නිෂ්පාදනය කළ සමාගමේ නිල වෙබ් අඩවියට ගොස් ඒය නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකිය.
● දෝෂයන් සහිත පරිගණක ජාලයකට (slow/faulty network) සවිකර ඇති විට ප්‍රින්ටරයකින් මුද්‍රණය කිරීමේදීද ප්‍රමාදයක් ඇති විය හැක.
0 comments:
Post a Comment