පළමුව ඔබ කමාන්ඩ් ප්‍රොම්ප්ට් වැඩසටහනට පිවිසෙන්න > දැන් එහි Format ලෙස ටයිප් කර හිස් තැනක් තබා ඔබට ෆෝමැට් කිරීමට අවශ්‍ය ඩ්‍රයිව් එකෙහි අකුර ලබා දිය යුතුය > ඉන් පසුව : ලකුණ ලබා දුන් විට ඩ්‍රයිව් එක ෆෝමැට් වීම ආරම්භ වනු ඇත. මෙයට අමතරව එක් එක් ආකාරයට ෆෝමැට් කර ගැනීම සදහා මෙම විධානයෙන් පසුව / ලකුණ ලබාදී ඒ සදහා වූ අකුරක් සටහන් කළ යුතුය.
මා ඔබට පහත දක්වා තිබෙන්නේ එසේ දැක්විය හැකි වැදගත් වෙන විධාන කිහිපයකි.
/Q ඉක්මනින් ෆෝමැට් කරගත හැක. එහෙත් පූර්ණ ෆෝමැට් කිරීමක් සදහා මෙය ලබා නොදිය යුතුය.
/S ෆෝමැට් කරන ධාවකයට සිස්ටම් ෆයිල් පිටපත් කළ හැක.
/FS:filesystem මෙහි ඇති filesystem යන්න වෙනුවට FAT, FAT32, NTFS වැනි ෆයිල් සිස්ටම් එකක් ලබාදී, එම ෆයිල් ෆෝමැට් එකෙන් ඩ්‍රයිව් එක ෆෝමැට් කළ හැක. (format d:/fs:NTFS)
මේ ගැන ඔයාට මොකක් හරි ප්‍රශ්ණයක් තියනවා නම් මට මේල් කරන්න - udshehan@hotmail.com
0 comments:
Post a Comment