This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Friday, June 24, 2016

ගේම් ගහන්නම සුපිරි මැශින් එකක් හදමු


හරි මේක මෙහෙම පටන් ගමු, දැන් ඔය ගෙදර මැශින් තියන හැම කෙනාම වගේ කැමතියිනේ ගේම් ගහන්න. හැබැයි පොඩි ප්‍රශ්නෙකට කියල තියෙන්නේ මේ අපේ ‍රැම් (RAM), වීජීඑ (VGA) කියන දේවල් තමයි. ඉතින් මේ ප්‍රශ්නේ නිසා ගොඩක් අය මොනිටර් එක දිහා බලාගෙන මාර අව්ලකින් ඉන්නවා ගේම් ඉන්ස්ටෝල් කර ගන්න බැරුව. ඒත් සමහර අය කොහොමහරි ඉන්ස්ටෝල් කර ගන්නව. කොහොමහරි ගේම් එකත් හිර වෙවි ගහනවා. ඉතින් ඔහොම ටික කාලයක් යද්දි එක්කෝ වීජීඑ (VGA) එක හරි ‍රැම් (RAM) එක හරි යනවා. මොකද මැශින් එකට ධරා ගන්න බැරි ගේම් නේ ගහන්නේ. ඉතින් මේවගේ දේවල් නිසා ගේම් ගැහුවම මැශින් කැඩෙනවා කියන කතාව කියන්න වෙනවා. ඉතින් මම මේ ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ මේ හේතුන් මග හරවා ගනිමින්, මැශින් කඩා ගන්නේ නැතුව කොහොමද ගේම් ගහන්නම සුපිරි මැශින් එකක් හදා ගන්නෙ ගැනයි.

ඔබ අධික මිළක් ගෙවා පරිගණකයක් වැඩි දියුණු කර ගන්නවාට වඩා අඩු මිළකින් සුපිරි කාර්යක්ෂමතාවයකින් යුත් පරිගණකයක් වැඩි දියුණු කර ගැනිම එතරම් පහසු කාර්යක් නොවේ. ඒ නිසා පරිගණක ක්‍රීඩා සදහාම වෙන් වු විවිධ උපංග දැන් වෙළෙද පොළේ මිලට ගැනිමට තිබේ. ඒවා අතරින් සුපිරි ගේමින් පරිගණකයක් සදා ගැනිමට යොදා ගණු ලබන උපාංග කිහිපයක් පිළිබදව හා පරිගණකයේ මව් පුවරුව ආශ්‍රිතව කරනු ලබන වැඩි දියුණු කිරීම් කිහිපයක් පිළිබද ඔබ දැනුවත් කිරීම මෙම ලිපියෙහි අරමුණයි.

Gaming PC එකක් සදහා යොදා ගන්නා උපාංග

1.Gigabyte GA-MA74GM-S2











Tuesday, June 21, 2016

හාඩ් ඩිස්ක් එකක් නිවැරදිව පාටිෂන් කරන හැටි


මොකක්ද මේ පාටිෂන් කරනවා කියන්නේ ?

හාඩ් ඩිස්ක් එකක සම්පූර්ණ ඉඩ ප්‍රමාණය හොදින් ප්‍රයෝජනයට ගැනීමට එහි ඉඩ කොටස් වලට වෙන් කිරීම හෙවත් පාටිෂන්  කිරීම කළ යුතුය.


මේ ලිපියෙන් කියන දේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මන් හිතනවා.


හාඩ් ඩිස්කයක් පාටිෂන් කරන ක්‍රම ගණනාවක් තිබේ. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ වින්ඩෝස් බූටබල් සීඩී එකක් මගින් හාඩ් ඩිස්ක් එකක් පාටිෂන් කිරීමේ ක්‍රමයයි. ඊට හේතුව ඒ සදහා මෙහෙයුම් පද්ධතියක් හෝ වෙනත් සහායක වැඩසටහනක් අවශ්‍ය නොවීමයි. මෙම ලිපිය මගින් මා ඔබට කියා දීමට යන්නේ වින්ඩෝස් එක්ස්පී බුටබල් සීඩී එකක් මගින් හාඩ් ඩිස්ක් එකක් පාටිෂන් කරන හැටිය. ඔබ දැනට වින්ඩෝස් විස්ටා හෝ සෙවන් භාවිතා කරන්නේ නම් එයද මීට සාමානය.


දැනට භාවිතා කරන හාඩ් ඩිස්ක් එකක් මේ ආකාරයට පාටිෂන් කරන්න ගියොත් ඔයාට අබ සරණයි තමයි ! මොකද කිව්වොත් ඔබගේ හාඩ් ඩිස්ක් එකේ තිබෙන සියලුම දත්ත විනාශ වී යයි. ඒ නිසා දැනට භාවිතා කරන හාඩ් ඩිස්ක් එකක් මේ ආකාරයෙන් පාටිෂන් කර ගැනීමට අවශ්‍ය නම්, මුලින්ම එහි ඇති වැදගත් දත්ත වෙනත් ඩිස්ක් එකකට හරි ඔය පෙන් එකකට හරි කොපි කර ගෙන තියාගන්න.


හරි දැන් ඔබ,


CPU එකේ සුවිචය ඔබා ඔන් කළ පසු Keyboard එකේ Delete බට්න් එක හෝ F1, F2, F10 වැනි බට්න් එකක් තදකළ විට බයෝස් (BIOS Basic Input Output System) වැඩසටහන තිරය මත පෙන්වයි. එහි Advanced BIOS Featares තුළින් First Boot ඩිවයිස් එක ලෙස සීඩී රොම් එක ‍තෝරන්න.



දැන් පරිගණකය බූට් වන අතරතුර Press any key to boot from CD... ලෙස පණිවිඩයක් ඔබට දිස්වේ. එවිට ඉක්මනින් Keyboard එකේ යම් බට්න් එකක් තද කළ යුතුවේ. මේ සදහා ඔබට තප්පර කීහිපයක කාලයක් ලබා දෙයි. ඔබට මෙම අවස්ථාව මග හැරුනොත් පරිගණකය රීස්ටාට් කර සීඩී එකෙන් එය බූට් කළ යුතුය.


ඉන්පසුව වින්ඩෝස්වලට අදාළ සෙටප් ෆයිල් ලෝඩ් වීම සදහා විනාඩි කිහිපයක් ගතවන අතර ඊට ඔබ ඉඩ සැලසිය යුතුය.


හාඩ් ඩිස්කය වින්ඩෝස් එක්ස්පී සීඩී එකෙන් පාටිෂන් කිරිමට නම් වින්ඩෝස් ඉන්ස්ටෝල් කිරිමට ඔබ එකග විය යුතුය. මේ සදහා ලැබෙන වින්ඩෝව තුළින් To set up Windows XP now තේරීම සදහා Keyboard එකෙහි Enter බට්න් එක තද කරන්න. මින්පසු වින්ඩෝස් සෙටප් කිරිම සදහා වන ලයිසන් ඇග්‍රිමට එක ලබා දෙයි. එයට එකග වීම සදහා Keyboard එකෙහි F8 බට්න් එක ඔබන්න.



* පාටිෂන් කිරිමට හාඩ් ඩිස්ක් එක සුදානම් කර ගන්නා ආකාරය.

දැන් ඔබට ලැබෙන්නේ හාඩි ඩිස්ක් ඩ්‍රයිව් එක පාටිෂන් කරන අවස්ථාවයි. මෙහිදී ඔබ භාවිතා කරන්නේ පැරණි හාඩ් ඩිස්ක් එකක් නම් එහි දැනට ඇති පාටිෂන් පෙන්වන අතර, අලුත් හාඩ් ඩිස්ක් එකක් භාවිතා කරන්නේ නම් එය තනි ඒකකයක් වශයෙන් පෙන්වා, එහි ධාරිතාවයද පෙන්වයි.


ඔබ පැරණි හාඩ් ඩිස්කයක් භාවිතා කරන්නේ නම් එය අලුතින් පාටිෂන් කිරිමට පෙර කලින් ඇති පාටිෂන් මකා සිටිය යුතුය. එවිට පාටිෂන් දැක්වෙන ස්ථානයෙන් මැකිය යුතු පාටිෂන් ‍තෝරා Keyboard එකෙහි D බට්න් එක ඔබන්න.

එවිට පාටිෂන් එක මැකිය යුතු දැයි තවත් වරක් ඔබෙන් විමසයි. එය තහවුරු කිරිම සදහා Enter බට්න් එක තද කරන්න. මෙම අවස්ථාවේ පාටිෂන් නොකර ඉවත් වීමට නම් Keyboard එකෙහි Esc බට්න් එක ඔබට තද කළ හැක.

පාටිෂන් එක මැකීම තහවුරු කිරීමට Enter බට්න් එක තද කළ විට, පාටිෂන් කිරීම මගින් දත්ත සියල්ල මැකී යන බැවින් තවත් වරක් එය සිදු කළ යුතුමදැයි ඔබට සිතීමට අවස්ථාවක් ලබා දේ. දැන් පාටිෂන් එක මැකීමට Keyboard එකෙහි L අකුර ඔබන්න.

ඉන්පසු නැවතත් පාටිෂන් ලිස්ට් එක වෙත යොමු වේ. එහිදී පාටිෂන් එක මැකී ඇති බව පෙන්වීම සදහා පාටිෂන් එකෙහි නම වෙනුවට Unpartitioned Space ලෙස පෙන්වයි. ඔබට මැකීමට අවශ්‍ය තවත් පාටිෂන් ඇති නම් කලින් පරිදිම ඒවාද මකා දැමිය හැක.

මේ ආකාරයෙන් පාටිෂන් සියල්ල මකා දැමු පසු පාටිෂන් කර නොමැති අලුත් හාඩ් ඩිස්ක් එකක් සේ හාඩ් ඩිස්ක් එක පෙන්වයි.

* හාඩ් ඩිස්කය පාටිෂන් කිරීම

ඉහත මා ඔබට සදහන් කර ආකාරයට පැරණි හාඩ් ඩිස්ක් එකක් තුළ ඇති සියලු පාටිෂන් මැකීමෙන් පසුව, අලුතින් පාටිෂන් සැකසීම හා අලුත් හාඩ් ඩිස්ක් එකක් තුළ පාටිෂන් එකක් සකස් කිරීම එකම ආකාරයෙන් ඔබට කරගත හැක. මේ සදහා Unpartitioned space ලෙස ද දැක්වෙන ස්ථානය තේරී තිබියදී Keyboard එකෙහි C බොත්තම ඔබන්න.

මෙහිදී පාටිෂන් එකේ ප්‍රමාණය පිළිබදව ඔබ ගෙන් විමසීමක් කරයි. ඔබට මුළු හාඩ් ඩිස්ක් එකම තනි ඒකකයක් වශයෙන් තබා ගැනීමට අවශ්‍ය නම් එම අගයේ කිසිම වෙනසක් සිදු නොකර Enter බොත්තම ඔබන්න. හාඩ් ඩිස්කය කොටස් කීහිපයකට බෙදා වෙන් කිරීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම්, මේ තුළ දැක්විය යුතු වන්නේ එම කොටස්වලින් පළමු කොටස සදහා අවශ්‍ය ඉඩ ප්‍රමාණයයි. මෙහිදී අදාළ ඉඩ ලබාදීම සිදුවන්නේ මෙගා බයිට් (MB) වලින් බව ඔබ මතක තබා ගත යුතුය.

මෙම ක්‍රියාවලියෙන් පසුව නැවතත් හාඩ් ඩිස්කයේ පාටිෂන් පෙන්වන ස්ථානය වෙත යොමු කෙරේ. එහිදී මුළු හාඩ් ඩිස්කයේ ඉඩ ප්‍රමාණය ‍තෝරා පළමු පාටිෂන් එක සකස් කර ඇත්නම් Unpartitioned space ලෙස තවමත් පාටිෂන් කර නොමැති කොටස පෙන්වයි. දැන් එම කොටසේද පාටිෂන් සකස් කර ගැනීම සදහා එය තේරී තිබියදී Keyboard එකෙහි C අකුර ඔබන්න. මෙහිදීද මුලින් පාටිෂන් එක සකස් කරගත් ආකාරයටම ඔබට තවත් පාටිෂන් සකස් කර ගත හැක.

මේ ආකාරයෙන් පාටිෂන් සකස් කර ගැනීමෙන් අනතුරුව පාටිෂන් එක දැක්වෙන ස්ථානය C: තුළින් ලෙස දැක්වෙන පාටිෂන් එක සිලෙක්ට් කර Keyboard එකෙහි Enter බට්න් එක තද කිරීමෙන් පරිගණකයට වින්ඩෝස් එක්ස්පී ඉන්ස්ටෝල් කිරීමේ ක්‍රියාවලියද ඔබට ආරම්භ කළ හැක.


මොකක් හරි ප්‍රශ්ණයක් තියනවා නම් මට මේල් කරන්න - udshehan@hotmail.com














Monday, June 20, 2016

හාඩ් ඩිස්කයක් අක්‍රිය වු විට එහි ඇති දත්ත නැවත ලබාගත හැකි, නොහැකි හේතූන්


අක්‍රිය වන සෑම හාඩ් ඩිස්කයකින්ම එහි තිබු දත්ත සම්පුර්ණයෙන්ම ලබාගත නොහැකිය. හාඩ් ඩිස්කය අක්‍රිය වීමට බලපා ඇති හේතුව අනුව එහි දත්ත නැවත ලබා ගැනීමේ ක්‍රියාවලිය රදා පවතී. ප්‍රධාන වශයෙන් මූලික ආකාර හතරකින් හාඩ් හාඩ් ඩිස්කයක් අක්‍රිය විය හැකිය.


විද්‍යුත් දුර්වලතා මතුවීම (Electronic Failure)




අධි වෝල්ටීයතා නිසා සහ ඉලෙක්ටෝනික පාලන පුවරුවේ දෝෂ නිසා ඩිස්කයේ ඉලෙක්ට්‍රොනික පාලන පුවරුව දැවී යාම මීට හේතුවයි. මෙවිට බයෝස් වැඩසටහන මගින් හාඩ් ඩිස්කය හදුනා නොගනී. මෙවැනි හාඩ් ඩිස්කවල ඇති දත්ත නැවත ලබාගත හැක.


හාඩ් ඩිස්කයේ ෆයිල් සිස්ටම් වල දෝෂ මතු වීම (Logical Eroors)




දත්ත සහ ෆයිල් සිස්ටම් එකට හානි වීම නිසාද හාඩ් ඩිස්කයේ දෝෂ මතුවේ. හාඩ් ඩිස්කය පාටිෂන් කර නැවත ෆෝමැට් කිරීමෙන් මෙම දෝෂය මග හරුණත් එහි ඇති දත්ත ඔබට ලබාගත නොහැක.


ඩිස්කයේ ස්ථීරව සම්බන්ධ කොට තිබෙන උපාංග වල දෝෂ ඇති වීම (Firmware Corruption)




මෙවිට බයොස් වැඩසටහන මගින් හාඩ් ඩිස්කය හදුනා නොගැනීම, වැරදි ලෙස හදුනා ගැනීම සිදුවේ. විදුලිය සැපයූ විට එහි තැටි කරකැවෙන හඩ ඇසුණත් පරිගණකය බූට් වීම ආරම්භ වීමට කලින් එය නතර වේ. මෙවැනි හාඩ් ඩිස්කවල ඇති දත්ත නැවත ලබාගත හැක.


යාන්ත්‍රික දුර්වලතා මතුවීම (Mechanical Failures)




ඩිස්කයේ අභ්‍යන්තර යාන්ත්‍රික උපාංග වන තොරතුරු රදවන තැටි හෙවත් ප්ලැටර්ස්, තොරතුරු කියවන සහ ලියන හිස යනාදියේ දෝෂ නිසා හාඩ් ඩිස්ක් අකර්මන්‍ය වේ. මෙවැනි දෝෂයක් ඇති විට පරිගණකය ක්‍රියාත්මක කළ සැනින්  නුහුරු ශබ්ද ඇසේ. මෙවැනි අවස්ථාවල ඩිස්කයේ දත්ත නැවත සම්පුර්ණයෙන්ම ලබා ගැනීම ගැන සහතික විය නොහැක.

හොද ඇන්ටිවයිරස් මෘදුකාංගයක තිබිය යුතු ලක්ෂන


අද ලෝකයේ විවිධ ඇන්ටිවයිරස් මෘදුකාංග විශාල වශයෙන් තිබේ. ඒවයෙන් බොහෝමයක් මෘදුකාංග අපට ලබා දෙන්නේ මුදල් වලටය. නමුත් අපි ඒ හොද හොද මෘදුකාංග ක්‍රක් (Crack), පැච් (Patch) කරගෙන හොරට පවිච්චි කරනවා. නැත්නම් කොහෙන් හරි සීරියල් නම්බර් එකක් හොයාගෙන ගහලා පවිච්චි කරනවා. ඇත්තටම අපි මේව මෙහෙම පාවිච්චි කරා කියල කිසිම අව්ලක් යන්නෙ නෑ. හරි. මම ඔබට මෙම ලිපිය මගින් කියාදීමට උත්සහා කරන්නේ හොද ඇන්ටිවයිරස් මෘදුකාංගයක තිබිය යුතු ලක්ෂණ හා තමන්ට උචිත ඇන්ටිවයිරස් මෘදුකාංගයක් ‍තෝරා ගන්නේ කෙසේද යන්නයි.

● දැනට හදුනාගෙන ඇති සියලුම පරිගණක වයිරස් ඉවත් කිරීමේ හැකියාව තිබිය යුතුය. අලුත් වයිරස් හැසිරීමෙන්ම ඒවා නිවැරදිව හදුනා ගැනිමේ ක්‍රමවේද ඉදිරිපත් කර තිබිය යුතුය.

● පරිගණක වයිරස් පමණක් නොව Worms, Malware, Spyware, Adware, Trojan horse, Rootkit වැනි අනෙකුත් විවිධ හැසිරීම්වලින් යුත් හානිකර වැඩසටහන්ද සාර්ථකව හදුනා ගැනීමේ හා වැළක්වීමේ හැකියාවද තිබිය යුතුය.

● වයිරස් ව්‍යාප්ත වීමට හේතු වන, removable media, pen/flash drive, memory card, floppy disk, zip drive, CD, DVD භාවිතයට ගැනීමට පෙරම පරීක්ෂා (Scan) කර ගැනීමට හැකියාවක් තිබිය යුතුය.

● සාමාන්‍ය දැනුමක් ඇති පරිගණක භාවිත කරන්නෙකුට වූවද භාවිතා කළ හැකි පරිදි සරලව නිර්මාණය කර තිබීමේ වැදගත්ය. (user friendly)

● ඔටෝමැටික් ඩේලි අප්ඩේට් (Automatic daily updates) ලබා දීම වඩාත් සිදුසුය. එනම් අවම වශයෙන් ඇන්ටිවයිරස් මෘදුකාංගය මිලදී කාලය සදහා අලුතින් හදුනා ගන්නා වයිරස් ඉවත් කිරීමේ හැකියාව සහිතව දිනපතා ස්වයංක්‍රීයව අප්ඩේට් කර ගැනීමේ හැකියාව තිබිය යුතුය.

● පරිගණකය භාවිතා කරන්නා ගේ  මදිහත් වීම ඉතා අවම ලෙස යොදා ගනිමින් ස්වයංක්‍රීයව ක්‍රියත්මක විය යුතුය.

● පරිගණක යෙදුම් වැඩසටහන් (computer applications) හා එකාබද්ධ වී එම වැඩසටහන් වලට ආදාළ ගොනු භාවිතයට කලින් පරීක්ෂා කිරීමේ හැකියාවෙන් යුක්ත විය යුතුය.

● රීයල්ටයිම් ෆයිල් ප්‍රොටෙක්ෂන් (Real-time file protection) තිබිය යුතුය. එනම් ක්‍රියාත්මක කරන සෑම ගොනුවක්ම ආරම්භයේදීම වයිරස් හදුනා ගැනීමේ පරීක්ෂාවට ලක් විය යුතුය.

● බොහොමයක් වයිරස් පැතිරෙන්නේ ඉන්ටනෙට් හා ඉ-මේල් හරහාය. ඉන්ටනෙට් හා ඉ-මේල් වලට යොදා ගන්නා වැඩසටහන් සමග එකාබද්ධ වී (Intergrated) වයිරස් අඩංගු ඉ-මේල් සහ වෙබ් අඩවි හදුනා ගැනීම, ඒවා මගින් පරිගණකයට වයිරස් ඇතුළු වීම වැළැක්වීම, භාවිතා කරන්නාට අනතුරු හැගවීම යනාදී ගුණාංග තිබිය යුතුය.

● පරිගණකයේ තිබෙන RAM, VGA, Hard Disk, Processing Power ආදිය අවම ලෙස භාවිතා කරන්නක් විය යුතුය. (ඔබගේ පරිගණකයට සරිලන අන්දමින්)

● ඇන්ටිවයිරස් මෘදුකාංගයක් මිලදී ගැනීමට කලින් ඒවායේ පරිශිලක අත්පොත (user manual) කියවා බැලිමෙන් එම වැඩසටහන පිළිබධ ඔබට අවබෝධයක් හා එම වැඩසටහනෙහි තිබෙන ගුණාංග පිළිබද අවබෝධයක් ඔබට ලබාගත හැකිය. එමෙන්ම අදාළ ඇන්ටිවයිරස් මෘදුකාංගයේ නොමිලේ දෙන අත්හදා බැලීමේ සංස්කරණයක් (trial version) පරිගණකයට ඉන්ස්ටෝල් කර පරීක්ෂාකර බැලීමට හැකි නම් එය අවම වශයෙන් හොද ගුණාංගයකින් යුත් ඇන්ටිවයිරස් මෘදුකාංගයකි.

● ප්‍රසිද්ධ වෙළෙද නාමයකින් යුත් අවුරුදු ගණනාවක් තිස්සේ අලුතින් සංස්කරණ ඉදිරිපත් කරන ඇන්ටිවයිරස් මෘදුකාංගයන් ‍තෝරා ගැනීම උචිතය. එවැනි ප්‍රසිද්ධ ඇන්ටිවයිරස් වැඩසටහන් වන්නේ Kaspersky, Norton/Symantec, Avast, McAfee, AVG, Trend-Micro, Microsoft, Panda, ESET, Antivir, Bullguard, Sophos, Avil, Avira යනාදියයි.

Friday, June 17, 2016

රූපවාහිනි තිරයක හා පරිගණක මොනිටරයක තිබෙන වෙනස්කම් මොනවාද ?


රූපවාහිනි තිරයේ හරස් අතට හෙවත් තිරස්ව හා දික් අතට හෙවත් සිරස්ව
වර්ණ පෙන්වීම සදහා කිරණ විදීමට භාවිතා වන්නේ පොදු සංඛ්‍යාතයකි.
එසේම ඒවා පරිගණක මොනිටරයේ සංඛ්‍යාත වලට වඩා බෙහෙවින් අඩු
නිසා රූපවාහිනි තිරයේ ඇති පික්සෙල් ප්‍රමාණය අඩුය. පරිගණක මොනිටරයේ ඉට වඩා වැඩි පික්සෙල් ප්‍රමාණයක් තිබේ. පරිගණක තිරයේ දර්ශනය වෙන කුඩා අකුරු රූපවාහිනි තිරයකින් දර්ශනයවීමේදී පැහැදිලි බව අඩු වෙන්නේ මෙනිසාය.




මෙමරි කාඩ් (Memory Card) භාවිතයේදි සැලකිලිමත් වියයුතු කරුණු


තත්වයෙන් උසස් මෙමරී කාඩ් (Memory Card) එකකට දස ලක්ෂ වාරයක් පමණ දත්ත කියවීම, ලිවීම හා මකා දැමීම කළ හැකිය. එසේම එය දස දහස් වාරයක් පමණ කාඩ් රීඩරයකට සවි කොට දත්ත ලබාගත හැක.

මෙමරි කාඩ් වලට වඩාත්ම හානි වෙන්නේ ඒවා කාඩ් රීඩරයකට සවි කිරිමේදී හා ඉවත් කිරීමේදීය. මෙමරි කාඩ් එකක් ඊට ගැළපෙන රීඩරයකට සම්බන්ධ කිරීමේදි ඕනෑවට වඩා ඔබ එය බලෙන් ස්ලොට් එකට තද කළ යුතු නැත. සාමාන්‍යයෙන් එය පහසුවෙන් රීඩරයට ඇතුළු කළ හැකිය. නොගැළපෙන හෝ යාන්තමින් ගැළපෙන රීඩරයකට  මෙමරී කාඩ් ඇතුළු කිරීමට උත්සහා දැරීමේදී ඒවාට හානි සිදුවේ.

එසේම දත්ත කියවන හෝ ලියන විට හෝ දත්ත මකා දමමින් සිටින විට එම කටයුත්ත සම්පූර්ණ වීමට ඉඩ නොදී රීඩරයෙන් කාඩ් එක ඉවතට ගැනීමෙන්ද මෙමරි කාඩ් එකෙහි ඇති දත්ත වලට මෙන්ම එයටද හානි සිදුවේ. මෙමරි කාඩ් එක ගබඩා කර තැබිය යුත්තේ තැලීම්, සීරීම් හෝ නැමීම් වලට ලක් නොවන සේය. එසේම ඒ මත දැඩි බරක් නොයෙදවෙන සේය. අව්වට නිරාවරණය වීම, කාන්දම් අසල තැබීම සහ දැඩි රස්නයකට ලක්වීම නිසාද මෙමරි කාඩ් අකර්මන්‍ය විය හැක.

ප්‍රින්ස් ඔෆ් පර්සියා ද ෆොගොට්න් සෑන්ඩ්ස් (Prince of Persia - The Frogotten Sands) පරිගණක ක්‍රීඩාව


ඔන්න මං ඔයාලට තවත් ගේම් එකක් ගෙනාවා මේක ගොඩක් අය ගහලා ඇති. ගේම් එක ටිකක් පරණ එකක්. ඒ වුනත් නියමයි. හැබයි මේක ඇමාරුයි ඈ..... ගේම් එකේ සීන් එක මං ඔයාලට කියන්නම්. ගහලා නැති අය ලිපිය කියවලා බලලා හොදයි කියලා හිතෙනවා නම් Download කරගන්න. මේකයි ස්ටෝරි එක,

ප්‍රින්ස් ඔෆ් පර්සියා - ද ෆොගොට්න් සෑන්ඩ්ස් (Prince of Persia - The Frogotten Sands) මෙය තම සොහොයුරා ගේ රාජධානිය බේරා ගන්නා කුමරෙකු පදනම් කොට ගෙන තැනූ පරිගණක ක්‍රීඩාවකි. මෙම පරිගණක ක්‍රීඩාවේදී ක්‍රීඩකයාට ක්‍රියාත්මක වීමට වන්නේ පර්සියානු කුමරා ලෙසිනි. තරුණ වියට එළඹෙන මෙම කුමාරයා තම පියාගෙන් පසුව එම රාජාධානියේ රජවීමට නියමිතය. කුමරාගේ වැඩිමහල් සොහොයුරාද තවත් රජ්‍යයක රජුය. පියරජු විසින් පර්සියානු කුමරාට කියන්නේ තම වැඩිමහල් සොහොයුරා වෙත ගොස් රාජ්‍ය පාලනය සහ නායකත්වය පිළිබද ඉගෙන ගන්නා ලෙසය.

ඒ අනුව තම වැඩිමහල් සොහොයුරා වෙත යන කුමරාට සොහොයුරාගේ රාජධානිය යක්ෂ ගෝත්‍රික හමුදාවක් විසින් ආක්‍රමණය කරමින් තිබෙන අයුරු දකින්නට ලැබේ. ඉන් පසු ඔහු තම සොහොයුරා හමුවි මේ පිළිබද විමසා සිටී. යක්ෂ ගෝත්‍රිකයන්ගේ කෞතුක වස්තු තම රාජධානිය තුළ තැන්පත්ව තිබෙන බව  සිතමින් ඔවුන් ඒවා ලබා ගැනිමට රාජධානිය ආක්‍රමණය කරමින් විනාශ කරන බවත්, ඔවුන්ට විරුද්ධව සටන් කිරීමෙන් ප්‍රතිථලයක් නැති බවත් වැඩිමහල් කුමරා තම සොහොයුරාට කියයි. පසුබසිමින් පලා යාම හොදම දේ බව ඔහුගේ අදහසයි. එහෙත් ඊට එකග නොවන කුමරා, සටන් කොට රාජධානිය බේරා ගත යුතුයැයි පවසයි. ඒ සදහා අවසරද ඉල්ලා සිටී. සොහොයුරා ඊට අවසර දෙයි.

ඒ අනුව මේ වන විට විසුරුවා ඇති හමුදාව නැවත කැදවන පර්සියානු කුමරා විසින් යක්ෂ ගෝත්‍රිකයින්ට විරුද්ධව යුද්ධය ප්‍රකාශයට පත්කරනු ලැබේ.

මෙම යුද්ධය අතරතුරදී අතුරුදහන් වන තම සොහොයුරා සොයා ගැනිමට සිදුවීම යුද්ධයේ නිරත පර්සියානු කුමරාට ලැබෙන තවත් වගකීමකි. පරිගණක ක්‍රීඩකයා විසින් මෙම පර්සියානු කුමරාව දක්ෂ රණශුරයෙකු ලෙස මෙහෙයවිය යුතුය. එහිදි ලැබෙන ලකුණු ගණන මත කුමරයාට විශේෂ බලයක් ලබා දීමට එම රාජධානියේ සිටින පූජකයෙකු ඉදිරිපත් වේ. එම බලය ලබාගත් පසු කුමරාගේ පහරදීම් වේගවත් වේ. එසේම කුමරාට අනතුරක් කිරිමට යක්ෂයින්ට නොහැකි වේ. එනිසා අඩු ජීවිත හානියකින් රාජධානිය බේරා ගැනිමට කුමරාට හැකි වේ.

මෙම ක්‍රීඩාවේදී පරිගණක ක්‍රීඩකයා රාජධානියේ පිහිටීම් පිළිබදව මනා අවබෝධයකින් සිටිය යුතුය. මේ සදහා අවශ්‍ය සිතියම් යොදා ගනිමින් සටන මෙහෙයවීම ක්‍රීඩකයාගේ වගකීමයි. යුද්ධය සදහා හමුදා සංවිධානයේදීත් යක්ෂයින් ගේ හමුදාව ගැන අවබෝධයකින් යුතුව ඔවුන්ට මුහුණ දිය හැකි ආකාරයෙන් ඒවා කළ යුතුය. මේ ආකාරයට ඒ ඒ අවස්ථාවන්ට ගැළපෙන ආකාරයට යුධ උපක්‍රම භාවිතා කරමින් යක්ෂයින් සමග සටන් කොට රජධානිය බේරා ගැනීම සදහා කුමරා හා ඔහුගේ භට හමුදාව මෙහෙයවීමට පරිගණක ක්‍රීඩකයා සමත් විය යුතුය.

ටොරෙන්ට් එකක් තියෙන්නෙ Download කරගන්න.

http://hugesharing.net/5BT/POP.the.forgotten.sands.repack.torrent
Prince Of Persia The Forgotten Sands.
File Size: 2.09GB
System Requirements !
Windows/xp/7/8
2.6 GHz Intel
Video Card: 256 MB
Hard Drive Space: 8 GB
Ram 1 Gb For Xp,2 Gb For 7 or vista

Screenshots