This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Friday, June 17, 2016

ප්‍රින්ස් ඔෆ් පර්සියා ද ෆොගොට්න් සෑන්ඩ්ස් (Prince of Persia - The Frogotten Sands) පරිගණක ක්‍රීඩාව


ඔන්න මං ඔයාලට තවත් ගේම් එකක් ගෙනාවා මේක ගොඩක් අය ගහලා ඇති. ගේම් එක ටිකක් පරණ එකක්. ඒ වුනත් නියමයි. හැබයි මේක ඇමාරුයි ඈ..... ගේම් එකේ සීන් එක මං ඔයාලට කියන්නම්. ගහලා නැති අය ලිපිය කියවලා බලලා හොදයි කියලා හිතෙනවා නම් Download කරගන්න. මේකයි ස්ටෝරි එක,

ප්‍රින්ස් ඔෆ් පර්සියා - ද ෆොගොට්න් සෑන්ඩ්ස් (Prince of Persia - The Frogotten Sands) මෙය තම සොහොයුරා ගේ රාජධානිය බේරා ගන්නා කුමරෙකු පදනම් කොට ගෙන තැනූ පරිගණක ක්‍රීඩාවකි. මෙම පරිගණක ක්‍රීඩාවේදී ක්‍රීඩකයාට ක්‍රියාත්මක වීමට වන්නේ පර්සියානු කුමරා ලෙසිනි. තරුණ වියට එළඹෙන මෙම කුමාරයා තම පියාගෙන් පසුව එම රාජාධානියේ රජවීමට නියමිතය. කුමරාගේ වැඩිමහල් සොහොයුරාද තවත් රජ්‍යයක රජුය. පියරජු විසින් පර්සියානු කුමරාට කියන්නේ තම වැඩිමහල් සොහොයුරා වෙත ගොස් රාජ්‍ය පාලනය සහ නායකත්වය පිළිබද ඉගෙන ගන්නා ලෙසය.

ඒ අනුව තම වැඩිමහල් සොහොයුරා වෙත යන කුමරාට සොහොයුරාගේ රාජධානිය යක්ෂ ගෝත්‍රික හමුදාවක් විසින් ආක්‍රමණය කරමින් තිබෙන අයුරු දකින්නට ලැබේ. ඉන් පසු ඔහු තම සොහොයුරා හමුවි මේ පිළිබද විමසා සිටී. යක්ෂ ගෝත්‍රිකයන්ගේ කෞතුක වස්තු තම රාජධානිය තුළ තැන්පත්ව තිබෙන බව  සිතමින් ඔවුන් ඒවා ලබා ගැනිමට රාජධානිය ආක්‍රමණය කරමින් විනාශ කරන බවත්, ඔවුන්ට විරුද්ධව සටන් කිරීමෙන් ප්‍රතිථලයක් නැති බවත් වැඩිමහල් කුමරා තම සොහොයුරාට කියයි. පසුබසිමින් පලා යාම හොදම දේ බව ඔහුගේ අදහසයි. එහෙත් ඊට එකග නොවන කුමරා, සටන් කොට රාජධානිය බේරා ගත යුතුයැයි පවසයි. ඒ සදහා අවසරද ඉල්ලා සිටී. සොහොයුරා ඊට අවසර දෙයි.

ඒ අනුව මේ වන විට විසුරුවා ඇති හමුදාව නැවත කැදවන පර්සියානු කුමරා විසින් යක්ෂ ගෝත්‍රිකයින්ට විරුද්ධව යුද්ධය ප්‍රකාශයට පත්කරනු ලැබේ.

මෙම යුද්ධය අතරතුරදී අතුරුදහන් වන තම සොහොයුරා සොයා ගැනිමට සිදුවීම යුද්ධයේ නිරත පර්සියානු කුමරාට ලැබෙන තවත් වගකීමකි. පරිගණක ක්‍රීඩකයා විසින් මෙම පර්සියානු කුමරාව දක්ෂ රණශුරයෙකු ලෙස මෙහෙයවිය යුතුය. එහිදි ලැබෙන ලකුණු ගණන මත කුමරයාට විශේෂ බලයක් ලබා දීමට එම රාජධානියේ සිටින පූජකයෙකු ඉදිරිපත් වේ. එම බලය ලබාගත් පසු කුමරාගේ පහරදීම් වේගවත් වේ. එසේම කුමරාට අනතුරක් කිරිමට යක්ෂයින්ට නොහැකි වේ. එනිසා අඩු ජීවිත හානියකින් රාජධානිය බේරා ගැනිමට කුමරාට හැකි වේ.

මෙම ක්‍රීඩාවේදී පරිගණක ක්‍රීඩකයා රාජධානියේ පිහිටීම් පිළිබදව මනා අවබෝධයකින් සිටිය යුතුය. මේ සදහා අවශ්‍ය සිතියම් යොදා ගනිමින් සටන මෙහෙයවීම ක්‍රීඩකයාගේ වගකීමයි. යුද්ධය සදහා හමුදා සංවිධානයේදීත් යක්ෂයින් ගේ හමුදාව ගැන අවබෝධයකින් යුතුව ඔවුන්ට මුහුණ දිය හැකි ආකාරයෙන් ඒවා කළ යුතුය. මේ ආකාරයට ඒ ඒ අවස්ථාවන්ට ගැළපෙන ආකාරයට යුධ උපක්‍රම භාවිතා කරමින් යක්ෂයින් සමග සටන් කොට රජධානිය බේරා ගැනීම සදහා කුමරා හා ඔහුගේ භට හමුදාව මෙහෙයවීමට පරිගණක ක්‍රීඩකයා සමත් විය යුතුය.

ටොරෙන්ට් එකක් තියෙන්නෙ Download කරගන්න.

http://hugesharing.net/5BT/POP.the.forgotten.sands.repack.torrent
Prince Of Persia The Forgotten Sands.
File Size: 2.09GB
System Requirements !
Windows/xp/7/8
2.6 GHz Intel
Video Card: 256 MB
Hard Drive Space: 8 GB
Ram 1 Gb For Xp,2 Gb For 7 or vista

Screenshots




නින්ජා වෙස් මූහුණක් සාදා ගන්නා ආකාරය


මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නෙ නින්ජා වෙස් මූණක් හදාගන්න විදිය ගැන. මේක කරන්න හරිම ලේසියි. මේකට ඕනේ නිකන් ටී ශර්ට් එකක් විතරයි. හරි මං ඔයාලට කියන්නම් කොහොමද හදා ගන්නෙ කියලා. Step by Step කතා කරන බසින් කියන්නම්.

1. ඉස්සෙල්ලාම ටී ශර්ට් එකක් හොයා ගන්න.


මේකට ගන්න ටී ශර්ට් එක අපි ඉන්න Background එකට ගැළපෙන විදියට ගන්නවා නම් හොදයි. ගොඩක් හොදයි තද නිල් හරි කළු හරි ටී ශර්ට් එකක් ගන්න ඒක. එහෙම නැත්තම් ඔයා ගාව දැන් තියන එච්චර එළිය නැති ටී ශර්ට් එකක් අරගන්න.

2. ටී ශර්ට් එක කන පිට හරවන්න.


3. ටී ශර්ට් එකේ අර ඔලුව අපි දාන තැන තියෙන්නෙ, අන්න එතනින් ඔයගෙ ඔලුව දාන්න ඇතුළට. ටී ශර්ට් එකේ යට තියන කරපටිය ගාවට වෙනකම් ඔයාගේ ඔලුව අරන් එන්න. ඔයාගේ මූණ ඇරෙන්න අනිත් ඔක්කොම පේන්නෙ නැති වෙන්න දැන් අර කරපටිය අරන් හිස මත ටී ශර්ට් එක තබා ගන්න. (දාලා තියන ෆොටෝ එක හොදට බලන්න. එතකොට තේරුම් ගන්න පුළුවන්)




4. ඔයාගේ කටයි නහයයි වැහෙන විදියට ටී ශර්ට් එකේ කර පටිය උස්සලා තියාගන්න. (ෆොටෝ එකේ තියන විදියට)




5. ටී ශර්ට් එකේ දෙපැත්ත අත් දෙකෙන් හොදට ඇදලා අල්ලගන්න.




6. ටී ශර්ට් එකේ දෙපැත්ත ඔලුවේ පිටි පස්සට අරන් හොදට තදින් ගැටයක් ගහන්න. (ඉස්සරහා මූණ ටිකක් අවුල් ගියොත් ටිකක් ටී ශර්ට් එක එහාට මෙහාට කරලා ලස්සනට හදාගන්න)




7. වැඩේ අහවරයි !







Thursday, June 16, 2016

ලැප්ටොප් පරිගණකයක බැටරියකින් වැඩි කාලයක් ප්‍රයෝජන ලබා ගැනීමට හැකි ක්‍රම, ලැප්ටොප් බැටරියක ආයු කාලය අඩුවීමට බලපාන හේතු


බැටරියකින් පරිගණකය ක්‍රියාත්මක වන කාලය රදා පවතින්නේ ඔබ කරන කාර්යය අනුව සහ එහි තිරයේ දීප්තිය අනුවය. ඒ නිසා බැටරියෙන් පමණක් ඔබ ලැප්ටොප් එකක් ක්‍රියා කරන වේලාවට තිරයේ දීප්තිය අඩුකර භාවිතා කිරීමෙන් ඔබට වැඩි වේලාවක් වැඩ කළ හැක.

USB පෝට් එකට වයර්ලස් ඉන්ටනෙට් ඩොන්ගල් සවි කොට ඉන්ටනෙට් වෙත ඔබ පිවිසෙන්නේ නම් එම ඩොන්ගලය ක්‍රියාත්මක වීමටද පරිගණකයේ බැටරියෙන් විදුලිය ලබා ගනී. එනිසා එවිටද බැටරියෙන් පරිගණකය ක්‍රියාත්මක කළ හැකි කාලය අඩුවේ. පරිගණක ක්‍රීඩා කිරීම, වීඩියෝ සංස්කරණ කටයුතු කිරීම, වඩා සංකීර්ණ පරිගණක වැඩසටහන් හැසිරවීම යනාදී වැඩ කරන විටද වැඩි බලයක් අවශ්‍ය වන නිසා බැටරිය ඉක්මනින් බැස යයි.

ලැප්ටොප් බැටරියක් සම්පූර්ණයෙන්ම බැස ගොස් පරිගණකය ස්වයංක්‍රීයව ඕෆ් වන තෙක් එය චාර්ජ් නොකොට සිටීම බැටරියේ ආයු කාලය අඩු කිරීමට හේතුවෙයි. ඒසේම සෑම විටම ප්‍රධාන විදුලියට සවිකර ලැප්ටොප් පරිගණකය භාවිතා කිරීමද සුදුසු නැත. එවිට බැටරිය ආරෝපණය වීමේ සහ බැසයාමේ චක්‍රය ක්‍රියාත්මක නොවේ. එනම් බැටරිය ආරෝපණය කිරීමටත් එය යම් තරමකට බැස යාමට ඉඩදීමත් මගින් බැටරියේ ක්‍රියාකාරි චක්‍රය ක්‍රියාත්මක වීමට ඉඩ තැබිමෙන් බැටරියේ ආයු කාලය වැඩි කර ගැනීමට පුළුවන.

Wednesday, June 15, 2016

ඩර්ට් 2 (Dirt 2) පරිගණක ක්‍රීඩාව


මෝටර් රථ ධාවනය තේමා කොට නිර්මාණය වූවකි.

මෙම පරිගණක ක්‍රීඩාව මෝටර් රථ ධාවන තරග පිළිබද පරිගණක ක්‍රීඩකයාට අවබෝධයක් ලබා ගත හැකි පරිගණක ක්‍රීඩාවක් ලෙස ඩර්ට් 2 පරිගණක ක්‍රීඩාව හැදින්විය හැක.

මේක පට්ට කාර් ගේමක්. ඔයාට මේක ගහන්න නම් RAM එක VGA එක එහෙම බර ඕනේ. මේ ගේම් එකේ ග්‍රැපික් නම් ආයේ පට්ට. සවුන්ඩ් එක නම් කියලා වැඩක් නැ... මැරු. ඇත්තටම අපි වහනේ ඇතුලේ ඉන්නවා වගේ දැනෙනවා. හෙඩ් ෆෝන් එක ගහගෙන ගහනකොට තමයි ඒ ෆීලින්ග්ස් එක නියමෙටම ගන්න පුළුවන්. හරි මං ඔයලට ගේම් එක ගැන කියන්නම්.


ඩර්ට් (Dirt) පරිගණක ක්‍රීඩාවේදී පරිගණක ක්‍රීඩකයාට මෝටර් රථ ධාවකයෙකු ලෙස ක්‍රියාත්මක වෙමින් විවිධ මෝටර් රථ කාණ්ඩ යටතේ තරග කිරීමට සිදුවේ. මෙහිදි මෝටර් රථ ධාවන තරග සදහා මෝටර් රථයක් යොදා ගැනීමේදි එහි කළ යුතු විශේෂ වෙනස්කම් කරමින් මෝටර් රථ ධාවන තරග වලට ආවේනික නීති රීති අනුගමනය කරමින් තම ජයග්‍රහණය සොයා යෑමට පරිගණක ක්‍රීඩකයාට සිදුවේ. විශේෂයෙන් මෙහි දී ඇති දක්ෂ මෝටර් රථ ධාවකයින් 30ක් පමණ පරිගණක ක්‍රීඩකයා සමග තරගයට ක්‍රීඩාව තුළින් සහභාගී කරවන අතර ඔවුන් සමග කරට කර තරග කිරීමට පරිගණක ක්‍රීඩකයාට අවස්ථාව ලැබේ.


තමන් සහභාගි වන සෑම මෝටර් රථ ධාවන තරගයකදීම උපරිම වශයෙන් මෝටර් රථ 2ක් භාවිතා කිරීමට ක්‍රීඩකයාට අවස්ථාව ලැබේ. එනම් එකක් අනතුරකට හෝ කාර්මික දෝෂයකට ලක් වූ පසු තවත් එවැනිම එම තත්වයෙන්ම තිබෙන මෝටර් රථයක් භාවිතා කොට තරගය අවසන් කළ හැක. මෙහිදී තරගයට අවශ්‍ය ධාවන වේගය පවත්වා ගන්නා අතරම තමන්ගේ වාහනයට සිදුවන අනතුරු හා කාර්මික දෝෂ අවම කර ගැනීමද ක්‍රීඩකයාගේ වගකීම වේ.


මෙම පරිගණක ක්‍රීඩාවේදී විවිධ කාණ්ඩ යටතේ වූ ධාවන තරග පැවැත්වේ. ඒ සදහා රේසිං වර්ගයේ රථ තරග සදහා වැඩි දියුණු කරන ලද මෝටර් රථ තරග සදහා වැඩි දියුණු කරන ලද මෝටර් රථ සහ ෆෝවීල් කැබ් රථ භාවිතා වේ. එසේම මෙම තරග පවත්වන්නේ හොදින් සැකසු සහා දුෂ්කර මාර්ග සහිත ධාවන පථවලදීය. ක්‍රීඩකයා මෙම දෙවර්ගයේ ම ධාවන පථවලදි මෝටර් රථය හැසිරවීම පිළිබද අවබෝධයෙන් යුතුව තම උපරිම  දක්ෂතා පෙන්විය යුතුය.


මෙම ධාවන තරග සදහා භාවිතා කරනු ලබන මෝටර් රථ වලට තමන්ට කැමති ආකාරයේ අලුත්වැඩියාවක් කිරීමේ පහසුකම ඩර්ට් 2 (Dirt 2) පරිගණක ක්‍රීඩාව විසින් ක්‍රීඩකයාට ලබා දේ. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ලබා ගැනීමටද ක්‍රීඩකයා වන ඔබ වග බලා ගත යුතුය.


කෙසේ හෝ අලුත්වැඩියාවන් සමගින් රථය ධාවන තරගයකට ඉදිරිපත් කිරීමේදීත් ඒ ඒ තරග සංවිධායකවරුන් විසින් මෝටර් රථය විශේෂ පරීක්ෂාවකට ලක් කොට ක්‍රීඩකයාගේ රථය තරගයට සුදුසු බව සහතික කරනු ලැබේ. ක්‍රීඩකයා වන ඔබ අනවශ්‍ය ආකාරයෙන් මෝටර් රථය වැඩි දියුණු කිරීම කර ඇත්නම් තරගවලින් ඉවත් කිරීම්වලටද ලක්වේ. එවැනි අවස්ථාවකදී ක්‍රීඩකයාට ලැබෙන ලකුණු ප්‍රමාණය අඩුවේ.


මෙම පරිගණක ක්‍රීඩාවෙන් ජය ලැබීමට නම් ක්‍රීඩාවේදී ලැබෙන සියලුම කාණ්ඩ යටතේ පැවැත්වෙන තරග වලට සහභාගි විය යුතුය. මෙහිදි එකිනෙකාට වෙනස් ධාවන පථ මෙන්ම වාහනද ලැබේ. ලැබෙන ඕනෑම තත්වයක් යටතේ ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයා දක්ෂ විය යුතුය.


මෙම ක්‍රීඩාව කිරීමේදී තමා මෙහෙයවන මෝටර් රථයට මෙන්ම එහි සිටින ධාවකයාටද අනතුරක් නොවන සේ ක්‍රීඩා කළ යුතුය. තම ධාවකයාට සිදුවන අනතුරු අනුවද ලකුණු ප්‍රමාණය අඩුවේ. කෙසේ හෝ මෙම පරිගණක ක්‍රීඩාව හරහා ඔබට මෝටර් රථ ධාවන තරගවල පවතින ත්‍රාසජනක සිදුවීම් එහිදී භාවිතා කරනු ලබන නීති රීති සහ භාවිතා කරනු ලබන අලුත් තාක්ෂණය පිළිබද දැනුමක් ලබා ගැනීමටද පරිගණක ක්‍රීඩකයාට අවස්ථාව ලැබේ.


ගේම් එකේ Video එක බලන්න.


View on YouTube
ටොරෙන්ට් එකක් තියෙන්නෙ Download කරගන්න.


u Torrent නැති අය ඉස්සෙල්ලාම පහළින් u Torrent Software එක Download කරගෙන ඉන්න.


http://www.valentineday2016.info/2016/03/17/free-download-utorrent/
u Torrent

http://www.valentineday2016.info/2016/03/22/colin-mcrae-dirt-2-pc-game/
McRae Dirt 2
Minimum System Requirements
Game Size :1.3 GB
OS - Windows XP
RAM -1 GB
CPU - Pentium 4
HDD -10 GB

Screenshots


Tuesday, June 14, 2016

පරිගණක වෛරසයක් ඉවත් කරගන්නා හැටි


පරිගණක වෛරසයක් යනුවෙන් හදුන්වන්නේ එක්තරා ආකාරයක කේතමය පරිගණක වැඩසටහනකි. නමුත් එය ක්‍රියාත්මක වන්නේ පරිගණකයට හානි වන ආකාරයෙනි. පරිගණකයක සම්පූර්ණ ක්‍රියාකාරීත්වය අඩාල කොට අවුල් කර දැමීමට පරිගණක වෛරසයකට හැකියාව තිබේ.

පරිගණකයකින් වෛරස ඉවත් කරගත හැකි ආකාර රාශියක් තිබේ. ඉන් එක් වඩාත් පහසු ආකරයක් නම් උසස් තත්වයේ ඇන්ටි වෛරස් මෘදුකාංගයක් භාවිතා කිරීම මගින් වෛරස වලින් ආරක්ශා විය හැක. එහි අන්තර්ජාලය මගින් හා USB Pen Drivers වැනි දෑ වලින් පැමිණෙන වෛරස හදුනා ගැනීමේ හා ඉවත් කර දැමීමේ හැකියාවද තිබිය යුතුය. නමුත් ඇන්ටි වෛරස් මෘදුකාංගයක් භාවිතා කර පමණින් එයින් ඔබගේ පරිගණකයට උපරීම ආරක්ශාවක් ලැබෙන්නේ නෑ. එය දිනපතා, නැතහොත් සතිපතා Update කළ යුතුය. එවිට අලුතෙන් පැමිණ තිබෙන වෛරස හදුනා ගැනීමේ හැකියාව ඔබගේ ඇන්ටි වෛරස් මෘදුකාංගයට ලැබේ. මේ ක්‍රමය අනුගමනය කිරීමෙන් ඔබට උපරිම ආරක්ශාවක් ලබාගත හැක. මැල්වෙයා (Malware) යනුවෙන් ද හදුන්වන්නේ හානිකර පරිගණක වැඩසටහන් විශේෂයකි. මේවායින් සිදුවන්නේ පරිගණකයෙන් ඔබ සිදුකරන දේවල් මොනාවාදැයි වෛරසය නිපදවූ තැනැත්තාට යැවීමයි. මීට අමතරව ඔබගේ පරිගණකයේ ඇති වැදගත් දත්ත විනාශ කිරීම, වෙනත් අයෙකුට අවශ්‍ය ආකාරයට ඔබගේ පරිගණකය මෙහෙයවීමේ අවස්ථාව මෙයින් සලසා දෙයි. මැල්වෙයා වැනි වෛරස් වැඩසටහනක් ඔබගේ පරිගණකයේ ඇතැයි කියා ඔබ දැනගත් පසුව ඒ ගැන අනවශ්‍ය සැකයක්, බියක් ඇතිකර ගත යුතු නැත. මේ හේතුව නිසා පරිගණකයේ හාඩ්ඩිස්කයේ තිබෙන දේවල් මුළුමනින්ම ඉවත් කරගත යුතු වන්නේ ද නැත. මේ නිසා පරිගණකයේ හාඩ්ඩිස්කය ඔබ ෆෝමැට් කරගත යුතු වන්නේ ද නැත. බොහෝ අවස්ථා වලදි හාඩ්ඩිස්කය ෆෝමැට් කිරීමෙන් තොරව මැල්වෙයා ඉවත් කරගත හැකිය. ඇතැම් විට මෙම අවස්ථාවේදී පරිගණකයේ ඇති ෆයිල්ස් කිහිපයක් ඉවත් කර ගැනීමට සිදුවේ. නමුත් සම්පූර්ණ හාඩ්ඩිස්කයම පිරිසිදු කර ගැනීමට අවශ්‍ය වන්නේ නැත.

මේ සියල්ලට ප්‍රථම ඔබ දැනගත යුතු වන්නේ ඔබගේ පරිගණකයේ වෛරසයක් තිබෙනවා ද යන්නයි. බොහෝ දෙනෙකු සිතන්නේ පරිගණකයේ වේගය අඩු වු විට වෛරසයක් තම පරිගණකයේ ඇතැයි කියාය. පරිගණකයක වේගය අඩු වීමට හේතු ගණනාවක් තිබේ. සිසිලන පංකා හෙවත් කූලිං ෆැන් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ද මෙයට එක් හේතුවකි. ඔබ අන්තර්ජාලය සමග සම්බන්ධ වී සිටින විට ඔබගේ විධානයකින් තොරව ඔබට අනවශ්‍ය වෙබ් පි‍ටුවකට ඔබව යොමු කරන්නේ නම් මැල්වෙයා ගණයේ වෛරස් වැඩසටහනක් ඔබගේ පරිගණකයේ ඇතැයි සැක කිරිමට ඇති හොදම උදාහරණයකි. පරිගණකයේ තිබෙන ෆයිල්ස්, ෆෝල්ඩර් ආදිය අවුල් සහගතව තිබෙනවා නම් එයද පරිගණකයේ මැල්වෙයා වැනි හානි කර වෛරස් වැඩසටහනක් ඇති බවට සැක කළ හැහි  තවත් එක් කරුණකි. මෙවැනි අවස්ථාවක ඔබට ප්‍රතිවෛරස් මෘදුකාංගයක් භාවිතා කිරීමට සිදුවෙයි. එය එකකට හෝ පෙන් ඩ්‍රයිව් එකකට එය පිටපත් කොට ඔබගේ පරිගණකයේ ඉන්ස්ටෝල් කරගත යුතුය. ඔබ එම ඇන්ටි වෛරස් මෘදුකාංගය අන්තර්ජාලය මගින් ඩවුන්ලෝඩ් කරගන්නේ නම් එය සිදුකළ යුත්තේ වෛරස් ආසාදනයට ලක් නොවූ වෙනත් පරිගණකයකින් ය.


ඇතැම් ඇන්ටි වෛරස් මෘදුකාංග මගින් බූට් ඩිස්කයක් සකස් කරගැනීමේ අවස්ථාවක් ඔබට සලසා දෙනු ලබයි. මෙවන් ඩිස්කයක් සකස් කරගත් පසුව පරිගණකය එමගින් බූට් කරගත හැකිය. මෙයින් සිදුවන්නේ මෙහෙයුම් පද්ධතියට අයත් අත්‍යවශ්‍ය විධාන කිහිපයක් උපකාරයෙන් පරිගණකය ක්‍රියත්මක කර ඇන්ටි වෛරස් මෘදුකාංගය මගින් පරිගණකයේ වෛරස් ස්කෑන් කර බැලීමයි. මෙම අවස්ථාවේදී මැල්වෙයා වැඩසටහන් වල ක්‍රියාකාරීත්වය ඔබට නතර කරගැනීමට හැකිවෙයි.

මෙම අවස්ථාවේදී ද මැල්වෙයා වැඩසටහන ඉවත් නොවී නැවත නැවතත් අවවාදාත්මක පණිවිඩ දර්ශනය වන්නේ නම් පරිගණකය සේෆ් මෝඩ් (Safe Mode) එකෙන් ක්‍රියාත්මක කර බලන්න. බොහෝමයක් පරිගණක වෛරස් වලින් එම හානිකර ෆයිල්ස් වින්ඩෝස් රෙජිස්ට්‍රියට එක් කිරීම සිදුකරයි. පරිගණකයේ ස්ථාපිත කර තිබෙන වැඩසටහන් පිළිබද වැදගත් තොරතුරු ඇති ස්ථානය හදුන්වන්නේ රෙජිස්ට්‍රිය යනුවෙනි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ලෝඩ් වනවිට වෛරසය සක්‍රිය කරීම සිදුවන්නේ ද මෙමගිනි. සේෆ් මෝඩ් (Safe Mode) එකින් පරිගණකය ක්‍රියාත්මක කළ විට එක් එක් අවස්ථා වලදි මෙමරී එකට ලෝඩ් වන වැඩසටහන් මොනවාදැයි ඔබට දැකගත හැකි අතර ඒවා පාලනය කිරීමට ඔබට හැකිවේ. පසුව ඇන්ටි වෛරස් මෘදුකාංගය සේෆ් මෝඩ් (Safe Mode) එක යටතේ ධවනය කර බලන්න.

මීට පෙර ඔබට දර්ශනය වූ අවවාදාත්මක පණිවිඩ වල සදහන් වූ මැල්වෙයා එකෙහි නම ඔබට මතක නම් එම ෆයිල් එක ඇති ස්ථානය සොයා එය ඩිලීඩ් කර දමන්න. පසුව පරිගණකය රිබූට් කරගන්න. විවිධ වෙබ් අඩවි, ෆේස්බුක් සමාජ ජාලය වැනි වෙබ් අඩවි ඔස්සේ ඔබ සිදුකරන චැට් මගින් නොයෙකුත් පුද්ගලයින් හෝ ඔබගේම මිතුරන් එවන ලින්ක් වලට ඔබ පිවිසිමෙන්ද මැල්වෙයා වැඩසටහන් පරිගණකයට ඇතුළු වීමේ ඉඩකඩ වැඩිය. මේ නිසා ඔබට එවන මේ ලින්ක් වලට පිවිසීමට පෙර ඒ පිළිබද හොදින් සොයා බලන්න. ඉහතින් සදහන් කළ දෑ ඔබ අනුගමනය කිරීමෙන් ඔබගේ පරිගණකයේ ඇති මැල්වෙයා වනි හානිකර පරිගණක වැඩසටහන්  පරිගණකයෙන් ඉවත් කර ගැනීමට ඔබට හැකිවේ.


පරිගණකයක් වෛරස් වලින් ආරක්ෂා කර ගැනීමට නම් එහි ප්‍රතිවෛරස් මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කර තිබීම සුදුසු බවත් එය අප්ඩේට් කර ගැනීම ද වැදගත් වන බව මා ඔබට මීට පෙර පැහැදිලි කරා. ඇතැමුන් විශ්වාස කරන්නේ පරිගණකයක ප්‍රතිවෛරස් මෘදුකාංග කිහිපයක් තිබීම ද ඉතා සුදුසු බවයි. නමුත් සරලම පිළිතුර වන්නේ එය අසත්‍යයක් බවයි. පරිගණකයක ප්‍රතිවෛරස් මෘදුකාංග එකකට වඩා වැඩි ගණනක් ඉන්ස්ටෝල් කර ගැනීම සුදුසු නැත. එයට හේතුව වන්නේ මේවායින් පරිගණකයේ වේගය සැලකිය යුතු මට්ටමකින් පහත වැටෙන බැවිනි. එසේම එක් ප්‍රතිවෛරස් මෘදුකාංගයක් තිබෙන ෆයිල්ස් අනෙක් ප්‍රතිවෛරස් මෘදුකාංගයෙන් වෛරස ලෙස වරදවා තේරුම් ගන්නා අවස්ථා ද තිබේ. මෙවන් අවස්ථාවලදි පරිගණකයේ ක්‍රියාකාරීත්වය අවුල් වීම ද සිදුවේ. ඔබට අන්තර්ජාලය මගින් ඩවුන්ලෝඩ් කරගත හැකි උසස් තත්වයේ, වඩාත් ප්‍රචලිත ඇන්ටි වෛරස් මෘදුකාංග විශාල ප්‍රමාණයක් තිබේ. Kaspersky, Norton/Symantec, Avast, McAfee, AVG, Trend-Micro, Microsoft, Panda, ESET, Antivir, Bullguard, Sophos, Avil, Avira නම් ඒවාය.



මෙම මෘදුකාංග භාවිතයෙන් ඔබගේ පරිගණකයේ වේගය අඩුවීමක් ද සිදුවන්නේ නැත. සෑම ඇන්ටි වෛරස් මෘදුකාංගයකම මැල්වෙයා වැනි  වෛරස පිළිබදව තොරතුරු සටහන් කර තබාගනී. තවත් සමහර ඇන්ටි වෛරස් මෘදුකාංග මැල්වෙයා එකක් හසුකරගත් පසුව එය ස්වයංක්‍රීයවම ඩිලීට් කර දමයි.

Test Disk (Windows) Mac Linux


මෙම මෘදුකාංගය ඉතා හොද තත්වයේ Open Souce මෘදුකාංගයක් ලෙස ඔබගේ නැති වු දත්තයන් ලබා ගැනිම සදහා යොදා ගත හැකිය. Test Disk මෘදුකාංගය හරහා ඔබට අවශ්‍ය කරන හදිසියේම Delete වූ දත්තයන් ලබා ගැනීම සදහා මෙය භාවිතා කළ හැකිය. එමෙන්ම මෙය Fat හා NTFS File පද්ධති දෙවර්ගය සදහාම මෙම මෘදුකාංගය භාවිතා කිරිමේ හැකියාව ඔබට ඇත. ඊට අමතරව මෙම මෘදුකාංගය හරහා ඔබගේ Boot Sector, Fat Tables, MFT පද්ධති වල ඇති දෝෂ නිරාකරණය කිරීමේ හැකියාව ද සලසා දි ඇත. මෙය Command Line මෘදුකාංගයක් ලෙස පණගැන්වේ.

පහත වෙබ් අඩවියට ගොස් මෘදුකාංගය Download ගන්න.

http://www.cgsecurity.org/wiki/TestDisk



Monday, June 13, 2016

සමහර CD වල දත්ත තවත් CD එකකට කොපි කරන්න බැරි ඇයි ?


CD එකකින් නැවත කොපි කිරීමේ හැකියාව නැවැත්විය හැකි මෘදුකාංග තිබේ. බර්නිං සොෆ්ට්වෙයාර්ස් වලදී CD එකේ දත්ත හදුනාගෙන පිටපත් කිරීම වැළැක්වීමට විවිධ ක්‍රම භාවිතා කරයි. ඒවා කිහිපයක් පහත දැක්වේ.

* CD එකේ දත්ත ගැන විස්තර අඩංගු වගුව බර්නිං සොෆ්ට්වෙයා එකට වැරදියට පෙන්වීම. (illegal tables of contents)

* CD එකේ දත්තවල ප්‍රමාණය CD එකක අඩංගු කළ හැකි දත්ත ප්‍රමාණයට වඩා වැඩියෙන් බර්නිං සොෆ්ට්වෙයා එකට පෙන්වීම. (Oversizing)

* CD එකේ භෞතික දෝෂ (physical errors/bad sectors) ආදිය ඇති බව බර්නිං සොෆ්ට්වෙයා එකට පෙන්වීම.