මම මේ ලිපියෙන් කියන්න යන්නෙ ඔයාලට කොම්පියුටරයක් ගන්න කොට අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු කීපයක් ගැනයි.
පරිගණකයක් මිලදි ගැනිමේදි අපට ප්‍රධාන කොටස් කිහිපයක් අවශ්‍ය වේ.
1. Motherboard එකක්
2. Processor එකක්
3. Hard Disk එකක්
4. RAM එකක්
5. CD-ROM හෝ DVD-ROM එකක්
6. Monitor එකක්
7. Casing එකක්
8. Keyboard / Mouse එකක්
මීට අමතරව විවිධ අමතර කොටස් ඔබගේ අවශ්‍යතාව අනුව මිලදි ගත හැක. දැන් මම කියන්න යන්නෙ මේ කොටස් අපි අළුතින් ගන්න කොට සලකා බලන්න ඕන කරුණු කිහිපයක් ගැන. මං එකින් එක කියන්නම්,
1. Motherboard (මවුපුවරුව)
Motherboard එක තමයි පරිගණකයේ තිබෙන ප්‍රධානම කොටස. අප පරිගණකයේ ඇති සියළුම කොටස් සම්බන්ධ වෙන්නෙ මේ මව්පුවරුව නැත්තම් Motherboard එක හරහායි. මෙහිදි අපි විශේෂයෙන්ම බැලිය යුතු වන්නේ අප සතුව තිබෙන ප්‍රොසෙසරයට ගැලපෙන Motherboard එකක් බැලීමයි. නැතුව වෙන ඒවා ගත්තොත් කේස් ගොඩයි. තවද කොපමණ ධාරිතාවක් දක්වා RAM එකක් යෙදීය හැකිද, හා කොපමණ RAM කාඩ් ප්‍රමාණයක් සවිකළ හැකිද යන්න අප සොයා බැලිය යුතුයි. Dual Channel Memory ආකාරයේ Motherboard එකක් ඔබ මිලදි ගන්නේ නම් එමගින් ඔබගේ පරිගණකයේ වේගය වැඩි කර ගැනිමට හැකිවේ. Motherboard එකක් මිලදි ගැනිමේදි ඔබ සැලකිලිමත් විය යුතුයි VGA එක සවිකිරීමට ඇති PCI Express Slot නම් තාක්ෂණයෙන් නිමවි තිබෙනවා ද යන්න. PCI Express Slot කීයක් තිබේදැයි බලන්න. අවම වශයෙන් Slot තිබෙන්නේ එකක සිට 4ක් පමණක් දක්වාය. ඔබ සාමාන්‍ය නිවසේ සිට භාවිතා කරන්නෙකු නම් ඔබට PCI Express Slot එකක් සෑහේ. ඔබ Graphic නිර්මාණ වැනි දෑ නිතර කරන අයෙකු නම් වැඩි Slot ප්‍රමාණයක් තිබීම ඔබට පහසුවක් වේ. Onboard VGA/ Onboard Sound වැනි උපංග තිබේ දැයිද කියාත් බළන්න. USB Portකොපමණ ප්‍රමාණයක් ඇත්ද, IDE Port එකක් පැමිණේ ද, SATA Port ප්‍රමාණය 4ට වැඩිද යන කරනු ගැනත් සැලකිලිමත් වන්න.
2. Processor (ප්‍රොසෙසරය)
අද වර්තමාන කාලයේදී ප්‍රොසෙසර විශාල ප්‍රමාණයක් වෙළෙදපොලේ දක්නට ලැබේ. Pentium 4 සිට Core i7 දක්වා ඕනෑම ප්‍රොසෙසරයක් ඔබගේ අවශ්‍යතාවය පරිදි මිලදි ගත හැකිය. ඔබ සමාන්‍ය නිවසේ එදිනදා වැඩ කටයුතු කරන අයෙකු නම් ඔබට Dual Core වර්ගයේ ප්‍රොසෙසරයක් සෑහේ. නමුත් ඔබ පරිගණක ක්‍රීඩා කරන අයෙකු නම් ඔබට අවම වශයෙන් Core 2 Duo සිට Quad Core, Core 2 Quad වැනි ප්‍රොසෙසරයන් දක්වා භාවිතයට ගත හැක. ඔබගේ අවශ්‍යතාවය පරිදි ඔබට අවශ්‍ය නම් Core i3, Core i5, Core i7 යන ඉහළ අගයකින් යුත් ප්‍රොසෙසර භාවිතා කළ හැක.
ප්‍රොසෙසරයක බැලිය යුතු ප්‍රධාන කොටස වන්නේ එහි වේගයයි. තවත් ඔබ බැලිය යුතු කරුණක් වන්නේ FBS Memory ප්‍රමාණයයි. මෙය ප්‍රොසෙසරයේ RAM එකක ලෙස ක්‍රියාත්මක වන්නකි. මෙය සාමාන්‍යයෙන් 1 MB සිට 12 MB පමණ දක්වා විවිධ ප්‍රොසෙසර වල ඇත.
3. Hard Disk (දෘඪ තැටි)
Hard Disk එකක් ඔබ තෝරා ගැනිමේදි ප්‍රධානවම එහි ධාරිතාව සලකා බලන්න. දැන් 40 GB සිට 1 TB දක්වා ධාරිතාවකින් යුත් Hard Disk වෙළෙදපොලේ ඇත. එසේම එය SATA ද එහි දත්ත හුවමාරු වේගය ද සැලකිය යුතුය. එය සාමාන්‍යයෙන් SATA වලදි නම් 3Gbs වේ. එනම් උපරිම වේගයන් Hard Disk එක ක්‍රියාත්මක වීමේදි මෙගාබයිට් 384ක් පමණ තප්පරයකදි හුවමාරු කරගන්නා බවයි. එසේම සැලකිය යුතු තවත් කරුණක් නම් Hard Disk එකේ භ්‍රමණ වේගයයි. එය සාමාන්‍යයෙන් 7200rpm පමණ වේ. එය වැඩිවන තරමට දත්ත හුවමාරු වේගය වැඩි වේ.
4. RAM
RAM එක යනු පරිගණකයක තිබෙන එක් විශේෂම අංගයකි. RAM එකක් මිලදි ගැනීමේදි එක් කොටසක ඇති මතක ධාරිතාව සලකන්න. එය 128 MB සිට 8GB දක්වා අද වෙළෙදපොලෙන් ඔබට මිලදි ගත හැකිය. එසේම RAM කිහිපයක් මිලදී ගන්නේ නම් එකම වර්ගයේ හා එකම BUS Speed එකේ RAM මිලදි ගත යුතුය. BUS Speed යනු RAM හී දත්ත හූවමාරු වේගයයි. මෙය මවුපූරුවේ RAM සදහා වන BUS Speed එක සමග සසදා ලබාගත යුතුය.
5. CD-ROM / DVD-ROM
ප්‍රධාන වශයෙන්ම අද CD-ROM වලට වඩා අවශ්‍ය වන්නේ DVD Writer එකකි. මන්ද අද බොහෝ සෙයින් DVD භාවිතා කරන බැවිනි. ඔබට අවශ්‍යනම් Blu-ray ROM ද අද වෙළෙදපොලේ මිලදි ගැනීමට ඇත. නමුත් ඒවා මිලෙන් අදික වේ. ROM එකක් ගැනීමේදි එහි Read Speed හා Write Speed සැලකිය යුතුය. ROM එක SATA නම් ඔබට තවත් පහසු වේ.
6. Monitor
Monitor එකක් තෝරා ගැනීමේදි එය LCD නම් අද කාලයට අනුව වැදගත් වේ (විදුලිය ඉතිරි කර ගැනිමට). එසේම එහි ප්‍රමාණයත් සැලකිය යුතුය. එනම් අගල් 15 සිට අගල් 48 වැනි තරමට Monitor වෙළෙදපොලේ ඇත. එසේම එය ඔබට අවශ්‍ය නම් Normal, Wide Screen, HD වනි ආකාරයන්ට ලබාගත හැක. අද තාක්ෂණයේ දියුණුවත් සමග Touch Screen ද පැමිණ ඇත.
7. Casing
ඔබ හොද Casing එකක් තෝරා ගතයුතු වන්නේ පරිගණකයේ කොටස් වල තාපය හරි ආකාරව ගලා යන පරිදිය.
8. Keyboard / Mouse
Keyboard / Mouse අනිවර්යෙන්ම ඔබට අවශ්‍ය වේ. Keyboard එක Multimedia ආකාරයේ එකක් නම් බොහො සෙයින් එය ප්‍රයොජනවත් වේ. එසේම Type කිරීමට බලාපොරොත්තු වන කෙනෙකුට නම් සිංහල හෝ දෙමළ සහිත Keyboard ද අද වෙළෙදපොලෙන් ඔබට මිලදි ගත හැකිය.
මීට අමතරව අප යොදාගන්නා ප්‍රධානතම අමතර කොටස් ලෙස VGA Card හා Sound Card එක සැලකිය හැක. ප්‍රධාන වශයෙන් VGA Card එකක් අපට අවශ්‍ය වන්නේ Grapich නිර්මාණ හා පරිගණක ක්‍රීඩා සිදු කිරිම සදහාය. අද වන විට අළුතින්ම ඇත්තේ PCI Express VGA Card ය. ඒවා 128 MB සිට 1 GB දක්වා Memory ධාරිතාවක් සමග පැමිණේ. එසේම DDR, DDR 1, DDR 3, මෙන්ම DDR4 වැනි නවතම Memory තාක්ෂණයක් සමග පැමිණේ. මෙහිදි ද VGA එකේ GPU හා Memory හී සංබ්‍යාතය බැලිය යුතු වේ. එසේම Pixel හා Vertex Shader පිළිබද වෙන වෙනම බැලිය යුතුය.
Sound Card එකක් ඔබ භාවිතය සදහා ගන්නවා නම් Speakers වලට ගැලපෙන්නේ දැයි බලන්න. එය 2.1, 5.1, 7.1 වැනි ආකාර වලින් පැමිණේ. සංගීත කටයුතු සදහා වෙනමම නිපදවු Sound Card වෙළෙදපොලේ තිබේ. ඒවා මිලෙන් අධික වේ.